හරිගුප්තා අගරදගුරුට කියන්න යන කතාව පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් දැනුවත් කිරීම සඳහා බලා පොරොන්තු වන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා පවසයි. 19 April 2021
තහනම් උත්තේජක ලැයිස්තුව මැතිසබයට ක්‍රීඩකයන් සඳහා මේ වසරේ පාවිච්චිය තහනම් කරනු ලැබ ඇති උත්තේජක ලැයිස්තුව පාර්ලිමේන්තුවට අනිද්දා (21)ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 19 April 2021
මීගමුවේ සුපිරි අවහන්හලක අටකට කොරෝනා මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. 19 April 2021
පො.පෙ - ශ්‍රීලනිප මැයි රැලි වෙන වෙනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැළිය කොළඹ මහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. 19 April 2021
තල්මස් ඇම්බර් සමග හතරක් සැකපිට රුපියල් කෝටි එකහමාරක මුදලකට තල්මස් ඇම්බර් කිලෝ දෙකයි ග්‍රෑම් 500 අලෙවි කිරීමට රැගෙනයමින් සිටි කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද දින මුලතිව් වට්ටුවාක්කල් යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 19 April 2021
අට වසරකට ක්‍රිකට් තහනම් වූ දිල්හාර ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. 19 April 2021
පැලැස්තර විසඳුම් එපා කාදිනල් තුමෝ ඉල්ලති පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම නීතිපතිතුමාට පමණක් බාර දී අතසෝදා ගන්නට එපා යැයි රටේ බලවත් අයගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (19) පැවසූහ. 19 April 2021
කොළඹ වරාය නගරයට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය හෙටට කල්යයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් 23 වැඩිදුර විභාගය සදහා හෙටට (20) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියම කළේය. 19 April 2021
ගැබිණි ප්‍රා.මන්ත්‍රිණියට පහරදුන් ප්‍රා.මන්ත්‍රිණියට ඇප මහරගම නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍ර රසිකා ගුණසිංහ මහත්මියට බැන තර්ජනය කර පහරදුන්නැයි එම සභාවේ සමගි ජන බලවේගයේ මන්තී්රනි ඉනෝජා මුණසිංහ මහත්මිය රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 19 April 2021
මොහාන් සමරනායක වැඩ අරඹයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පෙරවරුවේ වැඩ බාරගත්තේය. 19 April 2021
අලුත් අවුරුදු කැවිලිමැද දෙවන පාසල් වාරය ඇරැඹේ දෙවන පාසල්වාරයේ සිසුන්ගේ මෙන්ම ගුරුවරන්ගේ පැමිණීම සාර්ථක බව අධ්‍යාපන අමාථ්‍යංශය කියයි. 19 April 2021
කොරෝනා දෙවන මාත්‍රාව ගැන මේ සතියේ තීන්දුවක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතිය ඇතුළත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 19 April 2021
විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු 27 සිට මෙම මස 27 වැනි දින සිට විශ්ව විද්‍යාලවල තෙවන හා සිව්වන වසර සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 19 April 2021
අමාත්‍යාංශ අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කෙරේ පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍යාංශ අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෙට ( 20 ) සිට අරඹන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරි ගුප්ත රෝහණදීර මහතා පවසයි. 19 April 2021
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අළුත්ගේ මහතා අද 19) එම වෛද්‍ය සභාවට එරෙහිව වාරණයක් නිකුත් කළේය. 19 April 2021
කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක් සියලු කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදෙන බව කාදිනල් තුමෝ පවසති. 19 April 2021
ජල මාපක සිද්ධියට දැරණියගල ප්‍රා. සභා සභාපති තවදුරටත් රිමාන්ඞ් ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98 ක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශිය සභා සභාපති තවදුරටත් රිමාන්ඞ් බාරයට රඳවා තබන්නැයි අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජනත සමරසිංහ මහතා අද (19) නියම කළේය. 19 April 2021
කොරෝනා අවදානමක් අනුරාධපුර බැංකු ශාඛා දෙකක් වසයි අනුරාධපු නගරයේ සහ මැදවච්චියේ රාජ්‍ය බංකුවක 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු දෙක තාවකාලිකව වසා දැමූ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. 19 April 2021
ගැබිණි ප්‍රා.මන්ත්‍රීණියට පහර දුන් ප්‍රා. මන්ත්රීණිය අත්අඩංගුවට මහරගම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් එම නගර සභාවේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 19 April 2021
ලෝක විවාහක රූ රැජිනට ඇප ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කළේය . 19 April 2021
ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක් ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත. 19 April 2021
මුලතිව් කැලෑවකින් ආයුද තොගයක් මතුවේ මුලතිව් පොලිස් වසමට අයත් චලෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 19 April 2021
කිරින්දෙන් මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන් එක් දින යාත්‍රාවක නැගී කිරින්ද ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු මුහුදේ අතුරුදහන් වී ඇතැයි කිරින්ද පොලිසිය පවසයි. 19 April 2021
මෙම 21 වැනි දා රටපුරා විශේෂ ආරක්ෂාවක් පාස්කු ප්‍රහාරයට වසර 2 සපිරෙන මෙම මස 21 වැනි දින දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 April 2021
අද දින වැසි තත්ත්වයේ අඩුවක් මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (19) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 April 2021
මුරලි හදිසි ශල්‍යකර්මයකට ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසි ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කළේය. 19 April 2021
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. 19 April 2021
‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘ ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 18 April 2021
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 23 දා සිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙනුයේ පළමු මාත්‍රාව දී සති දහයකින්ද සති දොළහකින්ද යන්න අද (19) තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. 18 April 2021
මොරටු සරසවියේ ආචාර්යවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක මොරටුව විශ්ව විද්‍යාලයට නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. 18 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026