
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී විශාල පිරිසක් බලා සිටිද්දී තියුණු ආයුධයකින් පහරදී තරුණයන් දෙදෙනකුගේ දෑත් කපා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
එක් තරුණයකුගේ දෑත් වෙන් වනසේ එම ප්‍රහාරයෙන් එල්ලවී ඇති අතර අනෙක් පුද්ගලයාගේ වම් අතට පමණක් ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් අත් දෙකටම බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාර්ගයේ දිවවිත් වල්ගම සුසාන භූමිය ඉදිරිපිට වැටී ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසියට දිවවිත් සිද්ධිය පැවසූ බව පොලිසිය කියයි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ රිමාන්ඩ් බාරයේ සිට මෑතක නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.
ප්‍රහාරය එල්ල වූ පුද්ගලයන් ද මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් බවට තොරතුරු ලැබී ඇති අතර එය තහවුරු කරගැනීම සඳහා පොලිසිය පරිකෂණ ආරම්භ කර ඇත.
එම ත්‍රීරෝද රථයේ ද තියුණු ආයුධ තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසිති…!
මේ වගේ අය පොලීසිය ඉතුරු කෙරුවොත්, පොලිසිය හොඳයි පඹයින්ට...
දැන් ලංකාවත් මෙක්සිකෝව වගේ තමයි... මිනීමැරුම්, කොල්ලකෑම් ජයටම..
අනිවාර්යයෙන්ම ඇප පිට එළියේ ඉන්න කෙනෙක් විය යුතුයි. අද රටේ පොලිසියක් තිබුනට, පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට අවසර දිය යුතුයි.
මේක කුඩු ජාවාරම් කාරයින්ගේ ඇතුළත ගැටුමක් බව පැහැදිලියි. ඕවාටත් වැයවෙන්නේ මහජන මුදල් නේද? පුංචි දූපතක් වන මේ රටට කුඩු උවදුර පාලනය කරගන්න බැරි ඇයි? මට නම් පෙනෙන්නේ ඕනෑකමක් නැති බවයි.