(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොරෝනා ආසාදිතව මියගිය ඇඹිලිපිටිය ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් පී.සී.ආර් වාර්තාවේ පිටපතෙන් තහවුරු වී ඇතැයි ඔහුගේ පියා ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ දී පසුගිය මැයි මස 10 දින මියගිය නව නගරයේ වැව්ආසිරිගම පදිංචිකරුවකු වූ ඞී. සුරංග කුමාර මහතාගේ මරණය කොරෝනා ආසාදිතවීමෙන් බවට දන්වා සිරුර ඥාතීන්ට ද නොපෙන්වා වගකීම් විරහිතව ආදාහනය කළ බවට ව්‍යපාරිකයාගේ පිය ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලේ සඳහන් වෙයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් වාර්තාවක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල කර ඇත.
ජනාධිපතිවරයාට, අගාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමතිවරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව ලිපියකින් ද මේ සම්බන්‍ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.
ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලිකර ඇත්තේ සහ ලිපි යවා ඇත්තේ ඇඹිලිපිටිය, නව නගරයේ වැව්ආසිරිගම පදිංචිකරුවෙකු වූ ඞී. පේ‍්‍රමරත්න නමැති මියගිය ව්‍යාපාරිකයාගේ පියාය..
ඞී. සුරංග කුමාර (38) නමැති තමන්ගේ බාලපුතා 2021 මැයි මස 10 දින ඇතිවු ක්ලාන්ත ගතියක් හේතුවෙන් එදින සවස 06.00ට පමණ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ බවත් රාත‍්‍රී නවය පමණ පී.සී.ආර් පරීක්‍ෂණයකට සාම්පල් ලබාගැනීමේ දී අපහසුවෙන් දඟලා පුතා මියගිය බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
තම පුතා කොරෝනා ආසාදිතයකු බවට නිගමනය කරමින් තම පුතා නිරෝධායන නීති යටතේ පසුදින ආදාහනය කළ බවත් සිරුර පවුලේ කිසිවකුට හෝ නොපෙන්වු බවත් ලිපියේ දැක්වේ. පුතාගේ මරණය සම්බන්‍ධයෙන් නිතුත් කළ මරණ සහතිකයේ ද කොරෝනා රෝගය නිසා සිදුවු මරණයක් බව සඳහන් කර ඇතියි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd