
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ අන්තවාදී මුස්ලිම්වරු හත් අට දෙනෙක් පමණක් නොවන බවත්, දේශපාලන අරමුණු තකා කවුද ඒ පුද්ගලයින්ව පාවිච්චි කළේ කවුද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ කොමිසමේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී පොරොන්දු දුන්නත්, එම කොමිසම් වාර්තාව නිකුත් කර දින දෙකකින් තමාට කතා කර කොමිසමේ තියෙන හැම නිර්දේශයක්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, සමහර නිර්දේශ ක්‍රියාත්මක කළොත් ඔහු අප්‍රසාදයට ලක්විය හැකි බවත් කීවේ යැයි ද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
‘පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුද?, ඇත්තටම වුණේ කුමක්ද?, කවුද ඒක කළේ? යන්න දැනගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අවශ්‍ය බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම්වරුන් කිහිපදෙනකුට වඩා ලොකු දෙයක් සිදුවූ බවත්, ඒ කුමක්ද යන්න දැනගන්නා තුරු සෑහීමකට පත්විය නොහැකි බවත් කී කාදිනල්තුමෝ එය හෙළි නොවුණහොත් ජනතාව රැවටීමකට ලක්වීමක් සිදුවන බව ද කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරුතුමෝ මේ බව පැවසුවේ සිටියේ ”ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය” මඟින් සූම් තාක්‍ෂණය ඔස්සේ සංවිධානය කළ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම කෙලින්ම කියන්න. ඔබට මරණ බය තිබෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් දන්න ප්‍රධාන රහස තමයි බලය ලබාගන්න මේක කළ බව... අනික අමුතුවෙන් රැවටීමකට ජනතාව ලක්වෙන්න අවශ්‍ය නැහැ. ජනතාව හැමදාම රැවටෙන ජාතියක් තමයි සිංහල කියන්නේ...
කාදිනල්තුමනි, ඔබ දන්නා දේ හෙලිදරව් කරන්න. අපිට පේනවා ඔබ වහන්සේ දන්නා දෙයක් සඟවමින් ඉන්නවා කියලා...
කාදිනල් තුමත් නිකන් ජනප්‍රිය දේශපාලනේ වගේ. මෙතුමාගේ කෙනෙකුත් ඔය කොමිසමේ හිටියනේ. කොමිසම් වාර්තාවත් දුන්නනේ නිකන් හැමදාම පිටු 15-20 කියෙව්වා නම් ඕක නිකන්ම හොයාගන්න තිබ්බා. ලංකාවේ නීතිය තියෙන්නේ සාක්කි මත... ඒ කියන්නේ ඔය කොමිසමෙන්වත් සමහරවිට ඇත්ත එළිවෙලා නැතුව ඇති. එක්කෝ එතුමා දන්නා ඒවා කියන්න ඕනේ... නැත්නම් සද්ද නැතිව ඉන්න ඕනේ... එහෙමත් නැත්නම් එතුමා දන්නා ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න ඕනේ හැමදාම වහෙන් හොරා කියවන්නේ නැතිව..
ලංකාව වැනි රටක පහසුවෙන් ආණ්ඩු බලය අල්ලන්න පුලුවන් එක අවියක් තමයි ජාතිවාදය. කුලවාදය, ආගම්වාදය. මෙයට අමතරව ජොබ් කාඩ් සෙල්ලමත් ජේ. ආර්ගේ කාලයේ සිටම ක්‍රියාත්මක වුණා. ජනසවිය..., සෙවිලි තහඩු සහ වැසිකිලි කටවල් ඇතුලු විවිධ දේ බෙදා හැරීම තවත් උප්පර වැට්ටියක්... මේකෙන් මිදෙන්න පුලුවන් තර්කානුකූලව සිතන්න පුලුවන් මෙන්ම නීතිය පිළිබඳ මූලික අවබෝධයවත් ලබාදිය හැකි වනසේ අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමෙන් පමණයි. කොහොම වුණත් අගරදගුරුතුමනි, මම නම් හිතන්නේ නැහැ අපේ රට කවදාවත්ම ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා හොඳම දේ තමයි තමන් නිවැරදිව ජීවත් වෙන එක. මා අදහන බුදු දහමට අනුව කළකම් කවදා හෝ ඵල දෙනවාමයි. මා ඒ ගැන මට දැඩි විශ්වාසයක් තිබේ. අපේ ස්වාමීන් වහන්සේලා තවමත් සුනීත, සෝපාක ,අංගුලිමාල උදාහරණයට අරං බණ කියනවා. නමුත් හරියටම සිදුවන බොහෝ දේවල් පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා බණ කියනවා නම් සමාජය මෙයට වඩා විලිබිය ඇතිව හදන්න පුළුවන්. අද බොහෝ පිරිසක් පවට බය නැහැ. මුදලට, තනතුරු වලට තියෙන්නේ ඉතා ලොල් බවක්. ඒ නිසා සමාජය යහමගට ගැනීමට නම් පූජ්‍ය පක්ෂයට විශාල වගකීමක් තිබෙනවා. ඒත් පූජ්‍ය පක්ෂයේ කිහිප දෙනෙකුත් අද ජාතිවාදය සහ ආගම් වාදය වපුරනවා.
අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ... හැබැයි හොයන්නේ නැහැ. අහුවුණොත් ආණ්ඩුවට පැවැත්මක් නෑ.
පාස්කු ප්‍රහාරය කාලේ කවුද, කාගේ වුවමනාවකටද කියලා අපි නොදන්නවා වුණාට කාදිනල්තුමා දන්නවා. වතිකානුවේ කතෝලික සභාව යනු ලෝකය පුරා පැතිරුණු සංවිධානයක්... ඔවුන්ට ඉතා දියුණු බුද්ධි අංශ සහ විශාල දේශපාලන බලයක් ලෝකය පුරා තිබෙන බව අමතක නොකළ යුතුය. ලංකාවේ ඡන්ද දායකයන් වගේ ඔවුන්ව මෝඩයාට අන්දන්න බැහැ.
බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන් පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්න බව රහසක් නෙවෙයි...
එය ඡන්ද සටනේ සැලසුම් සහගත, රහසිගතම සහ සාහසිකම ප්‍රහාරයකි. තව පරීක්ෂන කිරීම කුමටද? අවසන් ඵලය නිදොස් කොට නිදහස් කිරීම නම්... නීතිපති එසේ නොකරන බවට පොරොන්දු වන්නේ නම් පමණක් පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න කියමු....
ටිකක් මතකයි බෝම්බ අලු ඉවත් කරන්නත් කලින් ජාතික ආරක්ෂාව තර කරන්න ඉදිරිපත්වුනා කෙනෙක්. එයා දන්නවා ඇති ඕක කරපු අය.
පාස්කු කොමිෂන් එකට ඇහුම්කන් දුන්නා නම් යහපාලක ආණ්ඩුවේ සියලු දෙනාම මේ ප්‍රහාරය දැනගෙන සිටි බව අපි දන්නවා. ඇඳන්වල සිටි ක්‍රිස්තියානි ලෙඩ්ඩු ඔහුගේ මන්ත්‍රි පුතා පවා දැනගෙන සිටියා... අැයි ඔවුන් මේ බව පල්ලියට නොකිව්වේ..? කාදිනල් තුමා ඒ ගැන සොයන්නේ නැද්ද? පොලිසියත් ප්‍රහාර ගැන දන්නවා. ඒ නිසා ප්‍රහාරය එළි නොකළ බවට චෝදනා කරන්නත් බැහැ? කාදිනල්තුමාත් දැනගෙන සිටියාද කියන එක සැකයි.