(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මාතර මහ රෝහල ඇතුළු අනුබද්ධ ආයතනවලට පවිත්‍රතා සේවය ලබාගැනීම සඳහා ශ්‍රම පිරිවැය ගණනයේදී සිදුවූ වරදක් නිසා රුපියල් තුන් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා බාරදුන් වාර්තාවක සඳහන් වෙයි.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ 2017-2018 වර්ෂ සඳහා පවිත්‍රතා සේවය ලබාගැනීම වෙනුවෙන් 2016 වර්ෂයේ සිදු කළ ලංසු කැඳවීමේදීය.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු පුද්ගලයන්ට විනයානුකූලව කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානීන් අදාළ ප්‍රධානීන්ට නියෝග කර ඇත.
එම පරීක්ෂණයේ විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මාස තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසටද එම කාරක සභාව වැඩිදුරටත් දැනුම් දී ඇත.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා බාරදෙනු ලැබීය. මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් නාස්ති, දූෂණ, වංචා නොමැති රාජ්‍ය ආයතනයක් කොහේ හෝ ඇතොත් කවුරුහරි මට පෙන්නන්නකෝ...
සියලුම වැසියන්ට එකම නීතිය විය යුතු බැවින් තවත් මුදල් නාස්ති නොකර, වැරදිකරුවන් නිදොස් කර නිදහස් කරමු. නීතිපතිතුමන් එකඟ වේවි...
ඔක්කොම නඩු ටික ගිය ආණ්ඩුවේ එකවුන්ට් එකට දාමු.. දැනුත් වෙන්නේ ඕකම තමයි.