(යොහාන් භාසුර)
ඉන්ධන මිලදී ගැනීමට සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සම්බන්ධතාව මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා විශේෂයෙන් පෙට්‍රල් සහ ඩීසල් ආනයනට එම මුදල යොදවන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත්, රට රට වලින් හිගා කන්න ලජ්ජා නැද්ද දන්නේ නෑ ?
මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න.. ආණ්ඩුව විසුරුවා හරින්න. භාණ්ඩයක් මිලදීගෙන විකුණුවාම ඒකෙන් ලාභයක් සහ වියදම් කළ මුදල තියෙන්න ඕනේ... නැවත මිලදී ගැනීමට. ඔය තෙල් වැඩේ හොඳින් කරන්න ලාම්පුතෙල් කරත්ත මුදලාලි කෙනෙකුට බාරදෙන්න. එයා දන්නවා වැඩේ කරන්න ඕනෑ විදිහ..
ඒ ණයට ගන්න මුදලට ගන්න ඉන්ධන ඉවරවුණාම කොහොමද කාගෙන්ද මීලගට ණය ගන්නේ.
හරි ඉතිරි තෙල් ටැංකි ටිකටත් වැඩේ හරි... කුම්බලා මාළු කාපල්ලා බළලුනි...