(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පොල්හේන මුහුදු වෙරළ තීරයට මියගිය මසුන් ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ.
දැනට දින කිහිපයක සිට මෙලෙස මියගිය මත්ස්‍යයන් වෙරළ තීරයට ගොඩගසා ඇති බවද ප්‍රදේශවාසීහු කියති.
මේ පිළිබඳව පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් නාරා ආයතනය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
මීට මාස කිහිපයක මිය ගිය තල්මසුන් දෙදෙනෙකු ගේ සිරුරු ද මෙම වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි.
ඒ අනුව නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ උපුල් ලියනගේ මහතාගේ උපදෙස් මත විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ද එම ප්‍රදේශය වෙත පැමිණ තිබුණි.
ඉදිරි පර්යේෂණවලින් පසු ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කළ හැකි බව ඔවුහු පැවැසූහ. මාතර පොල්හේන වෙරළ තීරයට මියගිය මසුන් ගොඩ ගසා තිබු අයුරැ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න දෙයක් නැහැ අර ආචාර්ය තුමා කිව්වා වාරකම් කාලෙට ඔහොම තමයි කියලා.