(ඩයනා උදයංගනී)

ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකසා අවසන් බවත් එය  ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 

එයට  ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු පසු ඔවුන්ගේ  පවතින ගැටලු වලට නිසි විසදුම් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීවරුන් ගේ පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදී ඇති බවත්, අනෙකුත් ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම් .එච්. එම් චිත්‍රානන්ද මහතා වෙත උපදෙස් දී ඇති බවත් ඇමතිවරයා කීවේය.