
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ පැරණි ළිඳක තිබි ටි.56 වර්ගයේ පතරොම් 1529ක් සොයාගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
වගා කටයුත්තක් සඳහා ඉඩමේ හිමිකරු විසින් පැරණි ළිඳක් ශුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේ සැකකටයුතු යමක් දැක පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත දැණුම්දීමෙන් අනතුරුව සොයාගත් බවද සඳහන් කළේය.
ජලය කාන්දු නොවන ලෙස පතරොම් තොගය ආරක්ෂාකාරී අයුරින් ළිඳතුලට දමා තිබූ බවත් පැවසීය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතාවට ගැනීම සඳහා මෙම පතරොම් තොගය සඟවා තබන්නට ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd