(සුජිත් හේවාජුලිගේ )
පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු ඔවුනටද ප්‍රතිශක්ති වර්ධක තුන්වෙනි මාත්‍රාවක් (බූස්ටර්) ලබාදීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.
මේ අතර පාසල් ළමයින්ට එක් එන්නත් මාත්‍රාවක්ද සංජානනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක්ද ලබාදීමට කටයුතු යොදා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගුණසේන මහතා මෙසේ පැවසුවේ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබන 18 වැනිදා සඳුදා දිවයිනට ලැබීමට නියමිතව ඇති බවත් ඇණවුම් කෙරුණු ෆයිසර් එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර අවුරුදු 18 -19 වයස්වල කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට එන්නත් ලබාදීම ඊයේ(15) සිට ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී පැවැසීය.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එම වයස් කාණ්ඩවල පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ලබන 21 වැනිදා ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.
පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින් සිදුකෙරේ.
කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිරි... අපට කැකිරි.. ගෙන්න ගත්තු ණය ගෙවාගන්න ගමේ අපටත් සම්මාදම් වෙන්න වෙනවා නේද?
ණය උගුලට වඩා භයානක උගුලක් තමයි වැක්සීන් උගුල, ඉපදෙන්න ඉන්න අයටත් එක්ක ගහන්න බදු ගෙනැල්ලා ඇති.
ළමුන් සඳහා බූස්ටර් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව සලකා බැලිය යුතුය.