
(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය මාගල්ල ව්‍යාපාරයේ අක්කර 7000 කට ජලය නිකුත් කිරීම 15 දා සුබ නැකතින් සිදු කළ ද ,පොහොර නොදී ජලය ලබාදීම ප්‍රතික්ෂේප කළ ගොවි සංවිධාන 14 ක ගොවි නායකයන්ගේ විරෝධය නිසා යළි සොරොව් වසා දැමීමට වාරිනිලධාරීන් පියවර ගත්හ.
වාරි නිලධාරින් සුබ නැකතට මාගල්ල ජලාශ දියවර නිකුත් කළ ද ගොවි නායකයන් පිරිස එයට බාධා කරමින් ගොවීන් පොහොර නොමැතිව කුඹුරු වගා නොකරණ බැවින් ජලය අපතේ නොහැර සොරොව් වසා දමන ලෙස ඉල්ලමින් ,ජලාශ බැම්මේ සිට ගොවියෝ උද්ඝෝෂණයක නිරත වූහ .
අනතුරුව නිකවැරටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් සොරොව්ව වසා දැමීමෙන් අනතුරුව ,ගොවි නායකයන් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී තම ගැටලුව ඉදිරිපත් කිරිම සඳහා ,මාගල්ල ජලාශයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණි අතර එහිදී ප්‍රධාන මාර්ගයේ වාහන ගමනටද බාධා ඇති විය.
එම අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි අතර සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා හමූවූ ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ නායකයින් සිය ගොවී සංවිධාන 14 ක් මේවන විට පොහොර නොමැතිව කුඹුරු වැඩ ඇරඹීමට නොහැකිව මුහුණ දී තිබෙන ගැටලු ඉදිරිපත් කලහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3% ලණු කන මෝඩ බයියෝ....
දැන් පොහොර ගේන්න පරක්කු වැඩියි. වගා නොකරන අයට වඩා වගාකරන ගොවිමහත්තුරුන්ට වැඩි පාඩුවක් එනවා. ඇයි? පොහොර නැති නිසා අස්වැන්න අඩුයි. වල්පැළ, දිලීර, කෘමි නිසා ආදායම තවත් අඩු වෙනවා. ඒ නිසා කරන වියදම පියවෙන්නේ නැහැ. වගා නොකර ගොවියා ඒ වියදම් ඉතුරු කරගන්නවා.
ලොක්කාට වැඩිය ගොවියෝ ගොවිතැන ගැන දනිති.