(සුජිත් හේවාජුලිගේ)
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ නිවාඩු සති අන්තයක් යෙදී ඇති හෙයින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙසටද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇත.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.
මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ(15) පෙරවරුවේ පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් දැඩිව නොවේද ක්‍රියාත්මක වෙන්නේ...? යන්න පුලුවන් මිනිස්සු හැමතැනම යනවා... නිකං තවත් රට්ටු හිනස්සන්න එපා මහත්තයෝ... ඔය කියන ඇඳිරි නීතියයි, සංචරණ සීමායි කියන්නේ මොනවද කියලා රට්ටු දන්නවා...
මේ නීතිය අත්‍යාවශ්‍ය සේවා සපයන ගමට ආසන්න රජයේ කාර්යාල නිලධාරින්ට අදාලද? අහන්නේ මම වෙනත් පළාතක කාර්යාලයට කතාකළ කෙනෙකු ගැන ඇහුවා. කාර්යාලයේ අයෙකු කිව්වේ සංචරණ සීමා නිසා අදාල අය නොඑන බවයි. පහදා දෙන්න ...
මට තියන ප්‍රශ්නේ මේ කියන සංචරණ තහනම සහ පොදු ප්‍රවාහන තහනම අස්සේ කොහොමද කොළඹ ඉඳන් අනුරාධපුර, වව්නියාව, අම්පාර බස් යන්නේ කියලා? ඒවගේ යන්නේ ෆුල් ටෙස්ට් කරලා, මීටර් එකේ දුරෙන් ඉඳගෙන වෙන්න ඇති... අනේ මෙහෙම විහිළු.....
මෙයා නොම්මර එකේ විහිළුකාරයා වෙලා...
සංචරණ සීමා කොපමණද කිව්වොත් කොළොඹ ඉන්න මිනිස්සු නුවරඑළියේ නිවාඩු ගිහින් ෆේස්බුක් එකේ පින්තූරත් දානවා.