(නිමන්ති රණසිංහ)
මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා කර්නල්වරයා ඇතුලු නිලධාරීන් දහතුන් දෙනා ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (15) නියෝග කළාය.
සිද්ධියට අදාළ විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවන් සිරගත නොකාරනු .ඔවුන් ග්රාම සේවා නිලධාරිනියකට සහය වුවා පමණි