
(නිමල් ජයරත්න)
තමන්ට මෙවර මහ කන්නයේ වී වගා කිරීම් සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බලකරමින් මහවැලි සී කලාපයේ වෙහෙරගල ගොවි සංවිධාන 24ක ගොවීහු පිරිසක් දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල ප්‍රධාන මාර්ගයේ වෙහෙරගල මංසන්ධියෙන් අවහිර කරමින් අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙහිදී පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන ව්‍යාපාරිකයකු වන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතාට අයත් ලොරි රථ තුනක් මාර්ගයේ ගමන් ගැනීමත් සමග ගොවියකු ඇති කළ කලබලකාරි තත්ත්වයක් සමග ගොවීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එම් ගොවි මහතා ලොරි රථ රථවලට යෑම්ට ඉඩ නොදී,මග අවහිර කරමින් පැවසුවේ සහල් සහ වී වලට මිල තීරණය කිරීමට යොදාගත් උපක්‍රමයම භාවිතා කරමින් රසායනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට මැදිහත්වන ලෙසයි.
තමන්ට රසායනික පොහොර නොලැබුණහොත් ගොවීන් වී වගා නොකරන බවත් එවිට ඩඩ්ලි සිරිසේන මහතාට වී මිලදී ගැනීම්ට හැකි හැකියාව නොමැති බවත් එම ගොවි මහතා කෑගසමින් ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත ලබා දී නැතිනම් මෙම ඉඩම් කට්ටි වගාවට පමණක් උතුරේ අයට දෙන්න. ඔවුන් රසායනික පොහොර ඉල්ලා වැලපෙන්නේ නැත.
බොල බමුණෝ, ...උතුර, දකුණ මාරුවුණාට ලංකාවේ කාබනික පොහොර යොදාගෙන වගාවට අමුද්‍රව්‍ය නෑ. ගොම, කුකුල් පොහොර ආදිය මදි... මිල වැඩියි. නොදන්න ගොවිතැන ගැන කතා නොකර ඉන්න එක හොඳයි නේද?