(යොහාන් භාසුර)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය මාස නවය තුළ සියයට 6.8 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක්ව (කෝටි 260) පැවති බවත් වර්තමාන ආර්ථික දර්ශක අනුව මෙම වසර තුළදී ආර්ථිකය සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ කියයි.