
(අංජුල මහික වීරරත්න)
සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් කැපී පෙනෙන දැවැන්ත මෙහෙවරක් කරන්නට ඉතිහාසයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ක්‍රියා කර තිබෙන බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුව යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
නිරෝධායන නීති වලට අනුකූල වෙමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙම උත්සවය පැවැත්විණි.
“ඩී.එස් සේනානායක මහතා ඇතුළු සියලු නායකයන් රටේ අණ පනත් ගෙන ඒමේ දී පවා මුලින්ම කළේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමයි .එය එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිරිතක් ලෙස පැවතුණා. එක්සත් ජාතික පක්ෂය යළිත් නිසි ස්ථානයේ තැබීම සඳහා අප සියලුම දෙනා ඇප කැපවී ක්‍රියා කරනවා”යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා කීය.
සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර,එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති, බෞද්ධ කමිටු අනුශාසක සාගල රත්නායක,බෞද්ධ කමිටු සභාපති සුදත් ජයසුන්දර මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු.
“ඩී. එස් සේනානායක මහතා ඇතුළු සියලු නායකයන් රටේ අණ පනත් ගෙන ඒමේ දී පවා මුලින්ම කළේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමයි. නමුත් මේ වනවිට භික්ෂූන් වහන්සේලා අනුශාසනා ලබාදීම වෙනුවට දේශපාලනයට පැමිණ තිබේ. එමෙන්ම ඔවුන් විවෘත සමිති සඳහා නායකත්ව ලබාදීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අනුමත කළ නොහැක... ලෝකයේ කිසිඳු රටක්, රාජ්‍ය පාලනයේදී ආගමික නායකයන්ගේ උපදෙස් ලබානොගනී. කෙසේ වෙතත් ගෞරවනීය ආගමික නායකයන්ගේ වැදගත් අගයකළ යුතු උපදෙස් අප අගය කරමු...
හාමුදුරුවන්ටත් බුද්ධාගම අමතක එකේ ගිහියන් ගැන කුමන කතාද?
බුදුදහම රකිනවා කියලා මිනිස්සු ගොනාට අන්දන එක මිසක් බුදුදහම රකින්න අවශ්‍ය නැහැ. අනෙක බුදු දහම රකින්න වෙලා තියෙන්නේ සංඝ සමාජයෙන් සහ ඔය දේශපාලකයින්ගෙන්...
බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වන්නේ නැත. නමුත් දේශපාලකයා පන්සල සහ දේශපාලකයට උදවු කල භික්ෂුන් වහන්සේලා අමතක වේ. දේශපාලකයා පන්සල පල්ලිය සහ කෝවිල සමග සම්බන්දකම් පවත්වන්නේ එම පුජනිය ස්ථානයන්ට ජනතාව පැමිණෙන නිසාවෙන් සහ එම ආගමික නායකයන් කියන ඕනෑම ඉල්ලීමක් කිරීමට සුදානම් වන ජනතාවක් අපේ ලංකාවේ සිටින නිසාවෙනි.
මොන ආණ්ඩුව කාලේද කොළඹ උසස් යයි සම්මත පාසලක උදේට පන්සිල් ගැනිල්ල නතර කළේ...?