(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (15) පැමිණ තිබේ.

උදෑසන 10.00ට පමණ අල්ලස් කොමිසමට පැමිණී ඔහු, මේ වන විටත් සිය ප්‍රකාශය ලබා දෙමින් සිටින බව එහි ප්‍රකාශකයකු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා පළමුව අල්ලස් කොමිසමට ගොස් තිබුණේ ඉකුත් 08 වැනිදාය.

පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් (06) පෙරවරුවේ කළ දැනුම් දීම මත තිරු නඩේෂන් මහතා කොමිසම හමුවට කැදවීමට තීරණය කර තිබූ බව අල්ලස් කොමිසම සදහන් කළේය.