
(ශාන්ත ප්‍රදීප් කුමාර)
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කරන ලබන 12 වැනි දා පාසලට එන ගුරුවරුන්්ට බාධා කොර තර්ජනය කිරිම් වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
රජයක් ලෙස අවදානය යොමුකර මේ මොහොතේ දිය හැකි හොඳම විසඳුම ගුරුවරුන්ට ලබා දී ඇති බව කී ඇමැතිවරයා ඔවුන් ඒ විසඳුමෙන් සෑහීමකට පත්වී නොමැති බව ද කීවේය.
පාසලට පැමිණ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි තමා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහ් සඳහන් කළේය
මෙම වර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනක් සහ මවුපියන්ගේ මානසික තත්ත්වය පිරිහි ඇතැයි ද ඔහු සඳහන් කරයි.
බස්නාහිර පළාත දකුණ නුගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 300ක ප්‍රජා පොලිස් ඒකක 97ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවයට සහභාගීවූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සර් කළොත්... වැඩේ වුණාට පස්සේ පරීක්ෂණ කරනවා කියන්න ඔට්ටු නෑ හොඳේ...
වසර ගණනාවක් තිස්සේ තියෙන ප්‍රශ්නයකට මේ බැරෑරුම් අවස්ථාවේ රාත්තලම ඉල්ලමින් රටටම හෙන කටින්න දත නිියවන ස්ටාලින් ඇතුලු නඩය මෙදා පාර රසට උයපු පරිප්පු හොද්දක් සැනහී සැනහී වළඳන අයුරු දැක ගැනීම ඒ මතයේම ඉන්න නා නා අයුරු රටට වින කරන එන්.ජී.ඕ. රැල්වල ට මහඟු ආදර්ශයක් වනු ඇත.
තවත් පුස් වෙඩිල්ලක්
හැම දේකටම සුරකීමේ ව්‍යාපාර තියෙනවා. හිරකරුවන් සුරැකිම, පුරා විද්‍යා සුරැකීම, නමුත් පාසල් ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට මේ රටේ මාධ්‍ය ඉදිරියට ආවේ කව්ද?
මෙයා හොඳයි ගුරුවරියන් යටට ඇඳලද කියල පරීක්ෂා කරන්න දමන්න. දන්නේ එච්චරයි නෙව ! වෙන නම් මෙලෝ රහක් නැහැ
මෙයා අපට ප්‍රශ්නයක් වුණාට මේ වැඩේට නම් අපිත් සහාය දෙනවා... ගුරුවරු වැඩ කරන්න කැමති වුණාට වෘත්තිය සමිති නායකත්වය එයාලාට තර්ජනයක් වෙලා...