(යොහාන් භාසුර)

මෝටර් රථ ආනයනය කිරීමේ සමස්ත වියදම විදෙස් මුදල් පමණක් භාවිතා කර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමයක් රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

නව වාහන ආනයන ක්‍රමවේදය පිළිබඳව රජයට ලිඛිතව දැනුම්දීමට බලාපොරොත්තු වන බවත් එම නව ක්‍රමවේදයෙන් රටේ මුදල් ආරක්‍ෂා කරගැනීම මූලික අරමුණ බවත් මහ බැංකු අධිපතිවරයා කීය.

මෝටර් රථ ආනයන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක සිට මෝටර් රථ ආනයනය අත්හිටුවා තිබේ.