කොරෝනා අසාදිතයින් අද 482 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 482 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 November 2021
තවත් කොවිඩි මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 November 2021
සිරිල් ගාමිණි පියතුමා ගැන අධිකරණයට පැමිණිලි කරන්න නියෝග රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ පැමිණීල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීමෙන් රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය. 05 November 2021
ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජනට ජර්මනිය සැරසෙයි ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ජර්මානු තානාපති හොල්ගර් සෙවුබර්ට් මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ පැවසීය. 05 November 2021
ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ පින්තූර ගත් බංගලියා මාට්ටු මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය කියයි. 05 November 2021
ජනාධිපති නාගලගම් වීදිය ජල පොම්පාගාරය බලන්න යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකු නියෝජිතයෝ කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය අද (05) පෙරවරුවේ නිරීක්ෂණය කළහ. 05 November 2021
වහලෙට නැග්ග රැදවියන්ට මාරුවක් සමාව ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහල මත නැග විරෝධතාවයේ නිරත රැඳවියන් 15 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇත. 05 November 2021
ගෑස් මාෆියාවෙන් තර්ජනය නිසා ‘ලිට්රෝ’ගෑස් හිඟය ඇති වුණා ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් ‘ලිට්රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 05 November 2021
මත් කරල් සමග අයෙක් දැලේ රාගම දඹුව ගල්වත්ත ප්‍රදේශයේ දී මත් කරල් තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 05 November 2021
යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි යුරෝපය යළිත් වරක් ’කොවිඩ් 19’ කේන්ද්‍රස්ථානය වීමේ ලකුණු පෙන්නුම් කරන බවත්, දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයන් සහ මරණ අනුව, ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ ’කොවිඩ් 19’ මරණ ලක්ෂ 5 සීමාව පසු කරනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 05 November 2021
අලුත් රැල්ල පාලනය කිරීම අසීරුයි චීනය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා රැල්ල පාලනය අසීරු වී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ පළාත් 31 න් 19 ක් පුරා ’කොවිඩ් 19’ නව රැල්ල ව්‍යාප්තවී තිබේ. මෙම නව රැල්ලට හේතුව වී ඇත්තේ ’ඩෙල්ටා’ සහ ’ඩෙල්ටා ප්ලස්’ විකෘති ප්‍රභේද යැයි ද පැවැසෙයි. 05 November 2021
කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළයාමක් කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යන තත්වයක් පෙනෙන්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 05 November 2021
සද්දන්තයන් 817ක් පසුගිය වසර තුනේදී මරා දාලා දිවයින පුරා පුද්ගලයන් 263 දෙනකු අලි ඇතුන්ගේ පහරදීම්වලින් වසර තුනකදී (2019 සිට 2021 මාර්තු දක්වා) මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට බාර දුන් එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 05 November 2021
පොලොන්නරුවේ කුඹුරුවලට දිවයර නිකුත් කරයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ යටතේ වී වගා කෙරෙන කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මාස් කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම අද දින ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 05 November 2021
මන්ත්‍රී කාවින්දගෙන් පෙත්සමක් මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර ’’රැම්සා’’ තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. 05 November 2021
වත්තල මාරක රිය අනතුරේ පිය පුතු රිමාන්ඩ් සුඛෝපභෝගී වාහනයක් ධාවනය කර මාරාන්තික අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවා සහ ඔහුගේ පියා ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා මහතා නියෝග කළේය. 05 November 2021
හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (05) නියෝග කළේය. 05 November 2021
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත් අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2021
ගමන් බෑගයේ කාන්තා සිරුර හඳුනා ගනී සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හදුනාගත්ත බව පොලිසිය පවසයි. 05 November 2021
බැසිල්ගේ ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා ද තීන්දුව 11 වැනි දා 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයකුගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් පාඩු කළැයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිෙ නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද පිළිබඳව ලබන 11 වැනි දා අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 05 November 2021
උසස් පෙළ සිසුන්ගේ ගැටළුවක් කියයි 2020 උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග ශිෂ්‍යයන් සරසවි සදහා බදවා ගැනිමීදී ඇතිවන අසාධාරණය පිළිබද දැනුම් දීම සදහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන්,ශිෂ්‍යයන් සහ දෙමාපියන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අද ලිපියක් බාර දුන්හ. 05 November 2021
ගුරුවරු 9 වැනිදා ලිප්ටන් වටරවුමට ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී ලබන 9 වැනිදා පස්වරු 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 05 November 2021
සහල් ආනයනය කුඩා මෝල්වලට මරු පහරක් ආනයනික සහල් සඳහා පනවා තිබූ බද්ධ ශත 25 දක්වා අඩු කිරීම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට කර්මාන්තය ඉදිරියට ගෙන යෑමට දරුණු ප්‍රහාරයක් බවත් සහල් මිල පාලනයට නම් රජය කළ යුත්තේ පාලන මිල නැවත පැනවීම බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා ‘ලංකාදීප’යට පැවසීය. 05 November 2021
කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක් කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දුන්නේය. 05 November 2021
ස්විස් පළමු ගුවන් යානය කටුනායකට ස්විට්සර්ලන්තයේ ’’ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ’’ (Swiss International Air Line) ප්‍රථම මංගල ගුවන් යානය අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය. 05 November 2021
“ගොවීන්ට දුන් කෝටි 186ක් වහාම අය කර ගන්න’’ දිවයින පුරා ගොවීන්ට නිකුත් කළ රුපියල් කෝටි 186 ක පමණ ණය මුදලක් අයකරගෙන (2019වර්ෂය වන විට) නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ. 05 November 2021
ව්‍යාපාර අවුලකින් කාන්තාවකට-තරුණියකට මන්නයකින් කොටලා කිරිවත්තුඩු , පුංචි ඉරිදා පොල , හන්දිය ආසන්නයේ, දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ව්‍යාපාර දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තරුණියකට රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි . 05 November 2021
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය මීළඟ කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ගනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 05 November 2021
හොරොයින් පැකට් කළ කොස්තාපල්ට වැඩ වරදී හෝටල් කාමරයක කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි. 05 November 2021
ප්‍රදේශ රැසකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (5) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026