(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයි ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
"ඊයේ පොලිසියට ගහපු විදිහ අප දුටුවා.කොළඹ දිස්ත්‍රික්කය බාර ප්‍රධාන පොලිස් නිලධාරියාගේ ඔලුව පැලෙන්න ගහනවා.ඒ වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් ගෙවල් වලට ගිනි තැබූ අයට නීතියෙන් සාධාරණයක් වන්නේ නැතිනම් රටේ සාමය බිඳ වැටෙනවා."යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පසුගියදා ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් බාර වෙන්න කියූ හැම කෙනෙක්ම පොලිසි වලට බාර වී තිබෙන අතර නීතිය කඩන්නට කිසිම චේතනාවක් නැතැයි කී නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා හා සමානවම ගෙවල් ගිනි තියපු මිනී මරපු ත්‍රස්තවාදීන් ලෙස හැසුරුණු අනෙක් පාර්ශවයේ අය අත්අඩංගුවට ගන්නැයි පවසන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීන්ට ගැහුවාම රිදෙනවා... ඔවුන්ගේ බත්බැලයින් ගැහුවාම කවුරුවත් නෑ කතාකරන්න...
ඉස්සෙල්ලාම තාත්තයි, ඔයයි පුනර්ත්ථාපනය වෙන්න.
තාත්තාව ඉස්සෙල්ලාම පුනරුත්ථාපනය කරන්න...
මට එක සැරේ පෙනුනේ නාමල් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් වගේ. හිතට හරිම සතුටක් ආවේ. පස්සෙනේ හරියටම දැක්කේ...
සියලුම රාජපක්ෂලා එකම කඳවුරකට දාලා, ළමාවිය සංවර්ධනය කරන තැන ඉඳන් පුනරුත්ථාපනය කිරීමට පටන්ගත යුතුයි.
මිනිස්සු ඒ තැනට තල්ලු කරපු ඔබලාට සුදුසු එකම තැන මහ උළු ගෙදරයි.
ඉස්සෙල්ලාම මහ පවුලේ අයට නීතිය ක්‍රියාත්මක කරලා ඔයාලා වගේ දරුවෝ පුනරුත්ථාපනය කරන්න ඕනෑ.
මේ සියලු අනීතික යයි කියන ක්‍රියාකාරකම්වලට මුල පිරුනේ කෙසේදැයි මුලුරටම දන්නවා. නමුත් මේ කතාකරන්නේ කොලේ වහගෙනයි. හේතුවත් ඉතාම පැහැදිලියි. තාත්තයි, පුතයි එක්කහු වෙලා තව හෙන්චයියන් එකතු කරගෙන දුන්නු ගේමක් බව නොදන්නේ කවුද? මේ කරන්න හදන්නේ තවත් වටයකින් මේ රටේ මිනිසුන්ගේ නහය විදින්නයි හදන්නේ.
ඔහෙලා ලංකා දේශපාලනයෙන් අතුගාලා දාලා ඉවරයි. ඔය අනවශ්‍ය දේශන අපිට කියන්න ඕනෙ නැහැ..
අනේ මෙයාගේ ටිකිරි මොලේ. මෙයාලාව ඉස්සෙල්ලාම පුනරුත්ථාපනය කරන්න ඕනෙ හොරකම් නොකරන්න.
මෙයාලගේ ගෙදර අය ඔක්කෝටම තමයි ඕක ඕනෑ වෙන්නේ...
තාත්තාවත් පුනරුත්ථාපනය කරන්න වෙයි..
මුලින්ම මෙයාලගේ පරම්පරාව තමයි පුනරුත්ථාපනය කරන්න ඕනෑ.
පුනරුත්ථාපනය කරන්න ඕනෑ තමුන්ලවයි. හැංගිලා ඉඳලා දැන් එළියට ඇවිත් නිකන් ලොකු කතා දාන්න එපා. ඊළඟ පාර ඇඳුනුත් නැතිව යන්න වෙයි.
ජම්පරේ අඳින්න ලෑස්ති වෙන්න.