
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් පමණ අද (20) දිනයේ බෙදාහරීමට නියමිත බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
කොළඹ සහ අවට ප්‍රදේශයට මෙන්ම පිට පළාත්වලට ද එම ගෑස් බෙදාහරින බවත් සිලින්ඩර 80,000 ක් බෙදාහැරීම හෙට (21) දින ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් හේරත් මහතා කීය.
ගෑස් මෙටි්‍රක්ටොන් 3900 ක් රැගත් නෞකාවක් ඊයේ (19) ශ්‍රී ලංකාවට ළගා වූ බව කී හේරත් මහතා සඳහන් කළේ එම ගෑස් තොගය බෝයාවේ සිට නළ මාර්ගයෙන් ගොඩබෑමෙන් අනතුරුව හැකි ඉක්මණින් බෙදාහැරීමට කටයුතු කරන බවත්ය.
ගෑස් අළෙවි නියෝජිතවරයාට අදාල දිනයේ කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් ලැබෙන්නේ දැයි විමසා එම ප්‍රමාණය අනුව පමණක් අළෙවි ස්ථානයේ රැදී සිටිය යුතු බවත් එසේ නොමැතිව පෝලිම්වල රැදී නොසිටියුතු බවත් හේරත් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd