(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් එකතුව වහාම ජාත්‍යන්තරයට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් සියලුම පාර්ශව සමඟ එක්ව දැඩි තීන්දුවක් ගන්නා බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා මහතා අද (20) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පසුගිය දේවල් කථා කරමින් සිටීම නතර කර වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික ඇර්බුදයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගැනීම සඳහා අවශ්‍ය පාලන ව්‍යූහයක් වාහාම නිර්ණය කළ යුතු බව කී රෝහණ ද සිල්වා මහතා පැවසුවේ රට ඉල්ලන වෙනස ලබාදීමට අපොහොසත් වන්නේ නම් සමස්ත රාජ්‍ය සේවය එකතු වී බලකිරීමට කටයුතු කරන බවත්ය.
රජයේ සේවකයා ස්වාධීන කිරීමේ පළමු පියවර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයට ඇතුළත් කළ යුතු බවත් එසේ නොවුණ හොත් රාජ්‍ය සේවය තව දුරටත් දේශපාලඥායන්ගේ බලයට යටත්වන බවත් රෝහණ ද සිල්වා මහතා කීය.
රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදයෙන් ගලවාගැනීම සඳහා ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ‘සාර ශ්‍රී ලංකා ’ නමින් වැඩසටහනක්, ක්ෂේත්‍ර 16 ක් එක්කරමින් ජාතික ප්‍රතිපත්ති රාමුවක්, සාර්ව පාක්‍ෂික එකඟතාවකට බලකිරීම සහ රාජ්‍ය සේවය ස්වාධීන කිරීම ප්‍රමුඛ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
කොළඹදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී රෝහණ ද සිල්වා මහතා එසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල මහතා පැවසුවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට රට හරි මඟට ගැනීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත්ව නොමැති බවත් අමාත්‍ය මන්ඩලය 20 කට අඩු කරන ලෙස යෝජනා කළ ද එය තව දුරටත් අමාත්‍යවරුන් 30 ක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 ක් ලෙස පවතින බවත්ය.
එම සංගමයේ නියෝජ්‍ය සභපාති රංජිත් ආරියරත්න මහතා එහිදී පැවසුවේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදය හමුවේ ජනතාව ආහාර, ඉන්ධන සහ විදුලිය වැනි දේවල් අරපරිස්සමින් පාවිච්චි කළ යුතු බවත්ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකා අනූෂා ගෝකුල මහත්මිය ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’ජාත්‍යන්තරය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවන්න’’
Prase Friday, 20 May 2022 07:42 PM
දැන් බයිලා ගහනවා. උද්ඝෝෂණ කර කර හැම රජයකගෙන්ම පඩිය වැඩිකර ගන්නවා. සෑම ආයතනයක්ම රටේ ජනතාවට බරක්.. හමුදාව, පොලිසිය ඇරෙන්න අනෙක් සෑම රජයේ ආයතනයක්ම පුද්ගලීකරණය වහාම කරන්න.
අංජු Friday, 20 May 2022 08:09 PM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගණුදෙනු ගණනාවක ප්‍රතිසම්පාදන කමිටුවේ සභාපති..
බණ්ඩාර බුලත්සිංහල Friday, 20 May 2022 09:29 PM
ඉතාමත් කාලෝචිත යෝජනාවක්... 21 වෙනි සංශෝධනය තුළ රට සංවර්ධනය කිරීමට බාධක වන වගන්ති සංශෝධනය විය යුතුය.. ජනාධිපතිවරයාගේ සිට සියළුම දේශපාලඥයින් නීතියට යටත් කළ යුතුයි. එසේම විගණනයට යටත් විය යුතුයි... ඔවුන්ට දී ඇති අධික වරප්‍රසාධ සීමාකළ යුතුයි. රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට අදාල ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිය යුතුයි. දක්ෂ නිපුන රාජ්‍ය නිලධාරීන් හට උසස් තනතුරු සඳහා පත්වීමට හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.
chandima Saturday, 21 May 2022 12:54 AM
ඔතන ඉන්න කවුරුවත් ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ. ඔක්කොම හොරු.. නැතිනම් කටින් බතල කොළ හිටවන අය...
C.K.Lankaputhra Saturday, 21 May 2022 07:13 AM
වැදගත් යෝජනා ටිකක්. රාජ්‍ය සේවය ජරාජීර්ණ දේශපාලනයෙන් මුදවාගත යුතුයි. අද සිදුව ඇති රජයේ සේවකයා දේශපාලකයින්ගේ අතකොළු බවට පත්කරලා. පරිපාලන සේවයට අල්ලස් දීලා ඔවුන් සේවයට නම්මගෙන... ඔවුන්ට කොන්දක් ඇත්තේම නැහැ.