(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සාටක පින්තූරය තිබෙන තුරු රටට ගොඩ යෑමක් නොමැති බව කී නලින් බණ්ඩාර මහතා රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුව සුනාමියටත් වඩා වැඩි බරපතළ හානියක් රටට සිදු කරනු ඇතැයි ද සඳහන් කළේය.
හොඳ මිනිසුන් ටික එකතු කර ඇත්ත සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවා නම් අද මිනිසුන් පෝලිම් වල නොසිටිනු ඇතැයි කී නලින් බණ්ඩාර මහතා අඩු ගනනේ ජනතාව එවිට මාසයක් කල් දෙනු ඇතැයි ද යහපත් වාතාවරණයක් ඇති වූ විට රටට සංවර්ධනය සහ ආයෝජනය එනු ඇතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය සිටින තාක්කල් ශ්‍රී ලංකාව ගොඩ නොඑනු ඇත. බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ...
විකාර කියවනවා.. මෙයාලා වගේ අය නිසා තමයි 225ත් එපා වෙන්නේ ... තමන්ට ඇමැතිකමක් ගන්න විතරයි උත්සාහ කරන්නේ..!
ආගමික නායකයින්ට නිගරු කරන්න එපා... මේ වගේ අය මීට පස්සේ පාර්ලිමේන්තු යවන්න එපා.
ඔහෙලාහේ තුට්ටුදෙකේ වැඩවලට, බුදුහාමුදුරුවන්ව ගාවා ගන්න එපා.