
(ඩයනා උදයංගනී)
රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළේය.
ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු මහතා තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටී.
(ඡායාරූප: ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතන්න නම් දෙයක් නෙමෙයි.නමුත් සතුටු වෙනවා මේ කෙලවෙච්ච වෙලාවේ රට වෙනුවෙන් තීරණයක් ගන්න කොන්දක් තිබ්බට. සජබෙට වගේම ජෙප්පන්ටත් ඕන රට තවත් විනාස වෙනවා දකින්න මිසක් ගොඩ දන්නා නෙමෙයි.රනිල් හොරු එක්ක නිදි වද්දත් හොරෙක් නෙමෙයි.මිනිහගේ කපටි මොලෙන් වැඩක් අරගෙන මේ වෙලාවේ මේ අර්බුදෙන් ගොඩ ගිහින් ඊට පස්සේ චන්දෙන් ඕන කෙනෙකුට එන්න ඇහැකි. අරගලේට දවස් 10 ක් ගිය.යේ යන්නේ නැහැ.ජෙප්පෝ පෙරේට්ටෝ එක්ක බෑ
රට ගැන හිතලා තමයි රාජපක්ෂලාත් දුක් මහන්සි වෙලා වැඩ කරල කරලා රට බංකොළොත් වුණේ...
ගහට නැග්ග කෙනාටත් කියන්න දෙයක් තිබුණා නම්, දේශපාලකයින්ට කියන්න දෙයක් වෙන්න බැහැ...
පොඩ්ඩක් හොයලා බලන්න ඔය වාඩිවෙලා ඉන්න තැන බිම ශක්තිමත්ද කියලා? අපේ ආච්චි නං කියන්නේ ඔයවගේ "කෙබර කතා" කියනකොට හරි ජංජාලයක් වෙන්න පුළුවන් කියලයි.
රෙද්දක් ඇඳගෙනද කියන්නේ?
වචන වලින් මිනිස්සු රවට්ටන්න දැන් බෑ. ඔබ අරගලය පාවා දුන්නා. ගෝඨා එක්ක ඉඳලා.., ජාති ආලයේ රෙදි පොරවා ගත්තට වැඩක් නෑ..