(ඉන්දිකා රාමනායක)

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  අමරකීර්ති   අතුකෝරල මහතාගේ සහ ඔහුගේ  පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන්වරයා නිට්ටඹුව   නගරයේ දී   ඉකුත් (09) දින  ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත්  ප්‍රධාන සැකකරුවෙක්  අද (20)  නිට්ටඹුව නගරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (29) හැවිරිදි  බස් රථ රියදුරෙක් බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු  මන්ත්‍රිවරයාට සහ  ආරක්ෂක නිලධාරියාට පොලුවලින් පහර දෙන අන්දම සී සී ටී වී කැමරාවල  සදහන් වී ඇති බවද   පොලිසිය පවසයි.

මෙම සැකකරුත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටලු හමුදා සෙබළුන් දෙදෙනකු සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.