(විමුක්ති එස් රුද්‍රිගු)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවෙන් ඉන්දීය අපනයනකරුවන් මුදල් ලබා ගැනීමට යෑමේදී මුහුණපාන ගැටළු හේතුවෙන් වෙළඳ ගණුදෙනු සඳහා ගෙවීම් ඉන්දීය රුපියල් වලින් සිදු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ දීමට (19) ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව ආසියානු නිෂ්කාශන යාන්ත්‍රණයට පිටතින් ඉන්දීය රුපියල් වලින් ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවට අවසථාව ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව මාර්තු මස ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සමග සිදු කරනු ලබන ගණුදෙනු වලදී ආසියානු නිෂ්කාශන යාන්ත්‍රණයට පිටතින් ඉන්දීය රුපියල් වලින් ගෙවීම් සිදුකිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙනු ඇතැයි ඉන්දීය මහ බැංකුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පඩියක් නම් නැග්ගා වගේ? මින් ඉස්සරහට ඉන්දියානු රුපියල ලංකාවේ ව්‍යවහාරික මුදල් බවට පත්වෙන්න තව තියෙන්නේ පඩි කීපයයි...