
(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැළසීම සඳහා ලබන ඉරිදා (22 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි කප්පාදුව මේ මස 22 සහ 29 යන ඉදිරිදා දිනවල සම්පූර්ණයෙන්ම නොකරන බවත් එම දිනයන්හිදී විභාගය නොපැවත්වෙන මධ්‍යහන 12.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාපවලට පැයයි විනාඩි 45 සිට පැය 2 යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.
කාර්මික කලාපවලට පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා ද, කොළඹ වාණිජ නගර කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා දිනපතා පැය 3 ක් විදුලි කප්පාදු කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd