(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක  යන මහත්වරු බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවට අද (20) රැගෙන එනු ලැබූහ.

දෙදෙනා පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.

දෙදෙනා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (19)දැනුම් දුන් බව  වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය

ගාලුමෝදර සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින්නේ ලබන 25 වැනිදා දක්වාය.

මේ අතර පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල  ආරක්ෂක විධි විධාන අද (20)  දිනයේත් දැඩි කර තිබිණ.

විශේෂ කැරලි මර්දන කණ්ඩායම්ද සීරුවෙන් තබා තිබෙනු දැකගත හැකිවිය.

පොලිසියට අමතරව යුදහමුදාවේ නිලධාරීහුද  තැන තැන රඳවා සිටියහ.