(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් බැන වැදී පහරදීමට උත්සාහ දරන ලද සිද්ධියකින් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (20) පස්වරුවේ ඇතිවිය.
මේ අවස්ථාවේදී විජිත හේරත් මන්ත්‍රීවරයා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් බහින්බස්වීමක්ද සිදුවිය.
සභාවට නොගැලපෙන වචනද එහිදී හුවමාරුවිය.
උණුසුම් තත්වය ඇතිවූයේ විජිත හේරත් මන්ත්‍රීවරයා ජනතාවගේ අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියදීය.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා විජිත හේරත් මහතාට දිගින් දිගටම බාධා කරමින් " ඔයාලා තමයි අපේ මේ සේරටම ගිනි තිබ්බේ. දැන් බොරුවට සුදන වගේ කතා කරනවා. මගේ ගෙදරට ගැහුවෙ ජනතා විමුක්ති පෙරමුණේ අය. අපේ දේපළ නැතිවුණා . අපිට වේදනාවක් තියෙනවා " යැයි පැවසුවේය.
මේ අවස්ථාවේදී විජිත හේරත් සහ සහ ඩී වීරසිංහ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇති වූයේය.
ඉන් මොහොතකට පසු සනත් නිෂාන්ත සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන දෙදෙනා කෑගසමින් සභා ගර්භය මැදට පැමිණ විජිත හේරත්ට පහරදීමට කිසියම් උත්සාහයක යෙදෙනු දැකගත හැකිවිය.
සනත් නිශාන්ත මහතා විජිත හේරත් දෙසට ඇඟිල්ලක් දිගු කරමින්" මෙතැන්ට වරෙන් උඹට දෙන්න" යැයි පැවසුවේය.
එහෙත් සෙසු සහෝදර මන්ත්‍රීවරු ඒ උත්සාහය වැළැක්වූහ.
ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ දොරටුවෙන් පිටවී විපක්ෂයේ පැත්තට පැමිණීමට උත්සාහ ගත් අතර එයද සහෝදර මන්ත්‍රීවරුන් විසින් වළක්වන ලදී.
මේ අවස්ථාවේදී සභාව ඇමතූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ සභාවේ හුවමාරුවූ නොගැලපෙන වචන සහ ගැටුම්කාරී සිද්ධිය ගැන කතානායකවරයාට දැනුම්දී අවශ්‍ය පියවර ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා පාඩමක් ඉගෙනගෙන නැති හැඩයි...
සුනඛයින් පාර්ලිමේන්තුව අරක් ගෙන. අනේ අපොයි අපේ රටට මොකද මේ වුනේ...?
88-89 ගැන කිය කියාසිටින අනික් අයගේ ඉතිහාසයත් ප්‍රශස්තයි කියලා කියන්න බැහැ. විරුද්ධවාදීන්ට මැති සබයේදී අසික්කිත විදියට කතා කරනවා නම්, දුරකථන උදුරා ගන්නවා නම් ඔවුන්ගේ කුමන සංයමයක් තිබෙනවාද?
සාමාන්‍ය ජනතාව වගේ ඔක්සිජන් හුස්මගන්න භාවිතා නොකරන ඒ වෙනුවට ඒවා භක්ෂණය කරන රස්තියාදුකාර මැරයින් පාර්ලිමේන්තුවට ගියාම ඔහොම තමයි. පහුගිය සිද්දි වලින් වත් මේ වගේ දේශපාලන සූකරයන් මට්ටුවෙලා නැහැ. ඊළඟ වතාවෙත් මේ වගේම සෙට් එකක්ම ගවගාලට යවන්න මේ රටේ ජනතාව වගබලාගන්නම ඕනෑ..!
පාර්ලිමේන්තුව රැස්වෙලා එකාට එකා ඇනකොටා ගන්න එකද මේ වෙලාවේ කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් මුලුරටම පත්වෙලා තියෙන අර්බුදයට විසඳුම් හොයන එකද? රට වලපල්ලටම වැටුණේ දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් හින්දා..?