
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාට මේ දේශපාලනය අප්‍රසන්න බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
පුත්තලමේ අලි සබ්‍රි මන්ත්‍රිවරයාගේ නිවෙසට පහර දෙනවිට එය තමාගේ නිවෙස යැයි සිතා අධිකරණ ක්ෂේත්‍රයේ සමහර නීතිඥයන් උඩ පැන්න බවත් බුදුන් වැඩිය රටක මෙවැනි දේවල් සිදුවිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම සඳහන් කළේය.
තමා දේශපාලනයෙන් හරි හම්බ කරගත් පුද්ගලයකු නොවේ යැයිද ඔහු කීවේය.
ඔහු මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"රුපියල අවපාතවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. මේක දේශපාලන අර්බුදයක් පමණක් නොව ආර්ථික අර්බුදයකුත් වෙනවා. ඒක නිසා තමයි සියලු පක්ෂවලට එක්ව කටයුතු කරමු කියන්නේ. මගෙන් අහනවා බයද කියලා. ඔව් මම බයයි. මම යුද්ධය කරන්න නොවෙයි මේකට ආවේ. මගේ දරුවන්, දෙමාපියන් වෙනුවෙන් මම බයයි. දේශපාලනය කරලා එක සතයක්වත් මම හොරකම් කරලා නැහැ.
මේ ධුරය බාර ගන්න පෙර අවුරුදු පහකට ආදායම් බදු විදියට මම රුපියල් මිලියන 42 ක් ගෙවා තිබෙනවා. හැම සතයක්ම ගෙවා තිබෙනවා. මගේ ආදායමෙන් සියයට 10 ක්වත් මේ සියලු වරප්‍රසාදත් එක්ක මට ලැබිලා නැහැ. රටට කුමක් හෝ කරන්න ඕන කියන අදහස ඇතිව තමයි අපි මේ දේශපාලනයට පැමිණියේ. අනෙක් මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන විට සතුටු වෙලා උඩ පනින මිනිසුන් සිටින රටක්ද මේක. මොකද්ද මේක. ගිනි තිබ්බාම මේක විසඳෙනවාද. මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි බයයි. මගේ ජීවිතය ගැන නම් මට බයක් නැහැ.
රටට තිබෙන ආදායම වගේ 3.4 ගුණයක් වියදම් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය බරපතලයි. 1948 මේ රට නිදහස ලබන විට 113 කුට එක රාජ්‍ය සේවකයයි හිටියේ. අද 13 කට එක රාජ්‍ය සේවකයෙක් සිටිනවා. මේක බරපතල ගැටලුවක්. රාජ්‍ය සේවාවට මුදල් හොයන්නේ කෙසේද. විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. ඒ සියල්ල මේ වන විට වැහිලා. සංචාරක ක්ෂේත්‍රයෙන් 2018 දී ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක පමණ ආදායමක් ලැබුණා. 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඒ සියල්ල නැවතුණා. එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ. නැවත සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවන්න ඕන. මුදල් අමාත්‍ය ධුරය දරන විට හර්ෂ මහතා සමඟ එහෙමත් සාකච්ඡා කළා. ඇත්ත ඇති ආකාරයට පැහැදිලි කර දෙන්න කීවා. අයි.එම්.එෆ්. සාධනීය පිළිතුරක් දැන් ලබා දී තිබෙනවා. බිලියන 4 ක් 5 ක් ඉදිරි වසර තුන තුළදී ලැබෙයි කියලා විශ්වාස කරනවා.
සත්‍ය තත්ත්වය තේරුම් ගන්න. මගේ රියදුරන් පවා ඉන්ධනහල් වලට ගොස් පැය ගණන් සිට පෙට්‍රල් ගහගන්න බැරිව පැමිණියා. මේ කැංටින් එකෙන් අපි කන්නේ නැහැ. මේ කාලය තුළ දවස් 10 ක් වත් මම මේ කැංටින් එකෙන් කාලා නැහැ. මගේ ගෙදර අය මේකට ඇවිත් කන්නේ නැහැ. මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වල අය මේ පාර්ලිමේන්තුවට ඇවිත් කෑම කන බවට වැරදි මතයක් සමාජගත කර තිබෙනවා. අඩු ගාණේ මගේ දරුවෙක් පාර්ලිමේන්තුවට තියා අමාත්‍යාංශටවත් ගිහිං නැහැ. ඉදිරි මාස හයක් පමණ වන විට මීටත් වඩා ජීවත් වෙන්න අමාරු වෙනවා. සාමාන්‍ය බැංකු හරහා ඩොලර් ටික දාන්න කියලා ජනතාවට කියනවා. සංචාරක ක්ෂේත්‍රය නැවත ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න. රුපියල් 43 ක් අපි ගෙවන විදුලිය වෙනුවෙට රුපියල් 10 න් 15 කළ හැකි සූර්ය බලය ගන්න. දේශපාලකයන් පස්සේම පමණක් පන්නන්න එපා. අනෙක් අයගෙනුත් අහන්න ඔවුන් බදු ගෙවනවාද කියලා. දේශපාලකයන් සිටින්නේ 225 යි. ඔවුන්ට රුපියල් 5.5 යි විදයම් කරන්නේ. ඒකත් ඕන නම් කපා දමන්න. නමුත් දේශපාලකයන් හැර ආදායම් දෙපාර්තිමේන්තුවේ, කස්ටම් එකේ සිටින අය ආදායම් බදු ගෙවනවාද කියලා බලන්න. අපේ සම්පූර්ණ ආදායම ට්‍රිලියන 1.4 යි. වියදම 3.4 යි. මෙන්න බරපතල ප්‍රශ්නය. සිහින මාලිගාවල සිටිමින් පාරවල උද්ඝෝෂණය කළා කියලා මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. අපිට එපා මේවා. අපි ආවේ මේවාට නොවේ. රටට ආදරේ කවුරු හරි තමන්ගේ බදු හරියට ගෙවූ පුද්ගලයන්ට මේ ස්ථානයට පැමිණීමට පාර සැදිය යුතුයි.
අපි නම් මීට පස්සේ මේ පැත්ත පළාතේවත් එන්නේ නැහැ. මගේ ක්ෂේත්‍රයේ සිටින නීතිඥවරුන් පුත්තලම අලි සබිරි මන්ත්‍රීවරයාගේ ගේ ගිනි ගත් විට මගේ ගේ කියලා හිතලා ෂෙයා කරමින් සතුටු වුණා. බුදුන් වැඩි මේ රටේ කොහොමද එහෙම සතුටු වෙන්නේ. මොන තරම් තිරිසන් සමාජයකද අපි මේ ඉන්නේ. මේ රටේ හැම මිනිසාම වග කියන්න ඔ්න මේකට. තමන්ගේ රැකියාට හරියට කරනවාද කියලා තම තමන්ගෙන් අහන්න. අපි මහන්සි වෙලා වැඩ නොකළොත් පරම්පරා ගණනකට මේ ණය ගෙවා ඉවර කරන්න බැරි වෙයි. තමන්ගේ යුතුකම් රටට ඉටු කරන්න. එවිට රට දියුණු කළ හැකියි. ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදන්න හිතුවා මිස රට හදන එක ගැන හිතුවේ නැහැ. අපිත් මේ ගැන අධ්‍යයනය කරන විට ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් කියලා වැඩක් නැහැ. අයි.එම්.එෆ්. නොගිය එක, බදු අඩු කළ එක අපේ ආණ්ඩුවත් කළ වැරැද්දක්. මට මේ දේශපාලනය අප්‍රසන්නයි. පමා වෙලා හරි සියලුදෙනා එක්ව මේ රට ගොඩදාන්න. මේ අමාරු අවස්ථාවේදී එක්ව රට ගොඩදාන්න කියලා විපක්ෂ නායකවරයාගෙනුත් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අනුන් ලවා මේක කොරවගන්න තමා හැමෝම උන්නෙ. පාර්ලිමේන්තුවට ගියාම දකිනවා මේක කොරන්න බෑ ටික දවසකින් මේ සීන් එක අල වෙනවා කියල. ඊට පස්සෙ උන්දැලා කල්පනා කරනවා ඊට කලින් පවුලෙ උන් ටික ලමය් ටික රට පටවන්න ඕන කෙලවෙන්න කලින් කියල සෙට් වෙනවා හම්බ කරන්න. ඉඩම්, කොම්පැනි, පිටරට ගිනුම්, පටන් ගන්නවා. ඕක තමා වෙන්නෙ. ලංකාවේ ජනගහනය ලංකාවට දරාගන්න බෑ. කට්ට කන්නත් කැමති නෑ. 1950 ගනන්වල චීනෙ ලමයෙක් සාගතයෙන් මලාම ඒ ලමයගෙ මස් කෑවලු මිනිස්සු. එහෙම හිටපු රටේ අදත් දුප්පත් මිනිස්සු ඉන්නවා. එයාලගෙ ශ්‍රමය තමා ඒ රටේ සම්පත. ලංකාවේ එහෙම කරන්න බෑ. අපි හැමෝම එකම ලෙවල් එකේ ඉන්නෙ. දුප්පත් උනත් පාගල මරන්න අපි කැමති නෑ. මිලියන 20 මිලියන 5 වත් රටෙන් පිටකරන්න පුලුවන්නම් වසර 5 ඇතුලත.
තමුන්නාන්සෙ කල අපරාධය තමයි නඩු තිස් ගනනක් තිබිච්ච මිනිහෙක් එක දවසක්වත් උසාවි නොගෙනෙන විදියට එක එක සෙල්ලම් දාල, සිංගප්පූරුවෙ රෝහල් වල නතර කරල මුක්තිය එනකන් කල් ගත්ත එක, ඒක සියල්ලටම වඩා අපරාධයක්. මේ පිස්සු මිනිහ නොහිටින්න මේ විනාසෙ වෙන්නෙ නැහැ
මගේ කෘතඥතාවය..!!! ඔබ වැනි අය ගැන මට ආඩම්බරයි..
කියවනවා විතරයි.. එකෙක් බයි බායි කියලා එළියට බහින්නේ නෑ. මේ ඔක්කෝටම වඩා හොරු...!
බොහොම වැදගත් කතාවක්... මේ වෙන වැඩවලට බුද්ධාගමේ අපි ලැජ්ජා වෙන්න ඕනේ...
ඔබතුමා දැනඋගත් බුද්ධිමත් දේශපාලනඥයෙක්. ඔය නූගත්, රාජපක්ෂ කල්ලියෙන් මිදී, ඔබතුමාට ගැලපෙන දේශපාලකයින් සමග එකතුවී මේ රටට සේවයක් කරන්න. ජයවේවා..!!
ඔබතුමාට මගේ ආචාරය..! කරුමෙට අපේ මිනිස්සුන්ට ඕවා තේරුම්ගන්න මොලයක් තිබුණට ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. උඩ ඉඳලා පහළට හොරකම, වංචාව, දූෂණය... ඔබතුමා කරන රැකියාව කරගෙන ඉන්න. දැන් ඉන්න මඩ ගොහොරුවෙන් එළියට එන්න. කාවවත් රකින්න ඔතන ඉන්න එපා.
වලෙන් ගොඩගත් මිනී කැපීමත් එහෙමයි ජොබ් එක අප්‍රසන්නයි නමුත් කරන්න වෙනවා.