නාමල් බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ . 03 April 2022
‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාණ වැඩසටහන් වෙනුවෙන් ’’වැඩ කරන අපේ විරුවා’’ තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. 03 April 2022
දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරිඳ භාරයේ තිබී පවුම් විස්සක් බර 20 ක් රන් ඔටුන්නක් ඇතුළු රුපියල් කෝටි 5 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි 03 April 2022
මන්ත්‍රීවරුන් 70 ක් වාහනවල ’’මන්ත්‍රී ලාංඡනය’’ ඉවත් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 April 2022
සමාජ මාධ්‍ය අවහිරයට විරෝධය පාන්න ගිහින් විදුලි සැර වැදී මරුට සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන මුලස්ථාන පොලිසිය සඳහන් කරයි . 03 April 2022
සමාජ මාධ්‍ය තහනම ඉවතට ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා පනවනු ලැබ තිබූ තහනම පස්වරු 3.30ට ඉවත් කෙරිණි. 03 April 2022
බහුජාතික සමාගමේ වැට මායිම කපා විනාශ කරති වෙල්ලස්සේ ජන අයිතීන් සුරකීමේ පෙරමුණ දෙහිගම හා ඇකිරියන්කුඹූර ප්‍ර දේශයේ අක්කර 510ක ගොවිබිම් වට කර කිලෝමීටර් අටක් දුරට බහුජාතික සමාගමක් විසින් ඉදිකර තිබුන පැළ ඉනි වැට (2) දින කපා විනාශ කළ බව එම සංවිධානයේ අනුශාසක දොඩන්ගොල්ලේ සෝරත හිමියෝ පැවසුහ. 03 April 2022
මන්ත්‍රී නිවාස වලට හමුදා ආරක්ෂාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත. 03 April 2022
රට ගොඩගන්න හැටි සෝභිත හිමි කියයි රටේ පවතින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ජනතාව සතු රත්රන් සංචිත නිසි ක්‍රමවේදයක් යටතේ රජයට බාර දියයුතුයි. එම රන් සංචිත ලෝ්කයට ප්‍රදර්ශනය කර ඩොලර් සපයාගත යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ. 03 April 2022
විදුලිය ගැන සුභ ආරංචියක් ඉදිරි දිනවල විදුලිය කපාහරින කාලය අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. 03 April 2022
ලිෆ්ට් කවුළුවෙන් වැටී සිකියුරිටි ඕ අයි සී මරුට හෝමාගම දියගම පිහිටි මොරටුව සරසවියේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ගමන් ගන්නා කවුළුවෙන් බිමට වැටී එම සරසවියේ ස්ථානභාර ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 03 April 2022
හපුතලේ ගල්කන්දේ නාය අවදානමක්:පවුල් 4ක් ඉවතට පවතින ධාරානිපාත වර්ෂාව සමඟ කදු නාය යාමේ අවදානමක් නිසා හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 4ක පුද්ගලයින් 15 දෙනෙකු අද (03 ) පදිංචි නිවාසවලින් ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය. 03 April 2022
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය. 03 April 2022
‘සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට පත්කරන්න‘ සමාජ මාධ්‍ය ජාලා අක්‍රීය කිරීමෙන් ඉදිරි විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට නොහැකි බැවින් සියලුම සමාජ මාධ්‍ය ජාලා වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සහ සියලු දුරකථන සේවා සමාගම්වලින් ඉල්ලා තිබේ. 03 April 2022
පේරාදෙණිය සරසවි උද්ඝෝෂණයට කදුළු ගෑස් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක කරන විරෝධාතව පාලනය කිරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එලල්කර තිබේ. 03 April 2022
හාල් ටොන් 40,000 ක් ලබන සතියේ එයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පසුගියදා එළඹි ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන පළමු සහල් තොගය ලබන සතියේ ශ්‍රී ලංකාවට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය කියයි. 03 April 2022
ඇඳිරිය අස්සේ සුද්දෝ සීගිරිය තරණය කරති සීගිරිය නැරඹීම සඳහා මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් 350ක් 400 දෙනකුට සීගිරිය නැරඹීම සඳහා ඇඳිරි නීතිය දිනයේ පැය දෙකක කාලයක් අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ඉහළ කළමනාකාරිත්වය අද පියවර ගත්තේය 03 April 2022
‘ජනතා පරමාධිපත්‍යට කරන බලපෑම් නතර කරන්න‘ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙසත් ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම නතර කරන ලෙසටත් රජයට නිර්දේශ කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. 03 April 2022
ජීවන්ගෙන් ආණ්ඩුවට රතු එළියක් වත්මන් රජය විසින් වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ලබාදිමට රජය කටයුතු නොකරන්නේ නම් තමන් රජයට දක්වන සහයෝගයෙන් ඉවත් වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය. 03 April 2022
බස්නාහිර කතෝලික පාසල් මේ සතියේ වැසෙයි බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් හෙට (4) සිට සිකුරාදා (8) දක්වා වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමෝ පවසති. 03 April 2022
පියල් නිශාන්තගේ නිවසට පොලිස් ආරක්ෂාව පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3) සඳහන් කළහ. 03 April 2022
ජ.වි.පෙ. සමාජිකයෝ මහරගමදී විරෝධය දක්වති ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහරගම නගරයේ විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නියැලි සිටිති. 03 April 2022
‘පීඩිතව සිටින ජනතාව මර්දනය නායකත්වයකට සුදුසු නෑ ‘ ජනතාව පීඩාවට පත් වෙද්දී එම පීඩාවන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් මර්දනය කිරීම ප්රජාතන්ත්රවාදී රටක නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 03 April 2022
‘සමාජ මාධ්‍ය අවහිර කිරීම වැඩක් නැති වැඩක්‘ සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ. 03 April 2022
විපක්ෂ පා ගමනට නිදහස් මාවතේ දී බාධා කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ සභාගීත්වයෙන් මීට සුළු මොහොතකර පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කළේය. 03 April 2022
ටික් ටොක් සමාජ මාධ්‍යත් අවහිර කරයි මේ වන විට ශ්‍රී ලංකාව තුළ ටික් ටොක් (Tik Tok) සමාජ මාධ්‍ය ජාලයත් අවහිර කර තිබේ. 03 April 2022
තංගල්ලේ එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ මළ සිරුරක් තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පිහිටි එළවලු මැස්සක් උඩ කපා කොටා මරා දමා තිබුණු 38 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (03) හමු වූ බව තංගල්ල පොලීසිය කියයි. 03 April 2022
එනසල් තොගයක් රේගුවෙන් පන්නන්න බැරි වෙයි ආනයනය කිරීම තහනම් කර ඇති එනසාල් තොගයක් , නීතිවිරෝධී ලෙස ඩුබායි සිට අලුයම මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය . 03 April 2022
තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 03 April 2022
තැනින් තැන අදත් වැසි බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (3) මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026