IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කෝටි තුනක හෙරොයින් සමඟ 3 ක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

රුපියල්  කෝටි  තුනකට අධික වටිනා හෙරොයින් සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 

මොවුන් සතුව හෙරොයින් කිලෝ තුනයි ග්‍රෑම්  507 ක ප්‍රමාණයක් තිබී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොඩගම ප්‍රදේශයේ දී  ඉකුත් 18 දින සිදු කළ වැටලීමකින් හෙරොයින්  ග්‍රෑම් 294 ප්‍රමාණයත් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර   ඔහු , ගෙන් හෙළිවූ තොරතුරු මත තවත් සැකකරුවෙකු පාදුක්ක ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 300ක්  සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන්  හෙළිවූ තොරතුරු මත පාදුක්ක ප්‍රදේශයේ දී (31) කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ හෙරොයින් ජාවාරම උපයා ගත්  බවට සැකකරන රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් පොලිස් බාරයට ගෙන තිබේ.

කාන්තාවගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සැඟව  සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකු බවට පොලිසිය තොරතුරු  හෙළි කරගෙන ඇත.

 

 

 

 

 

 

 



අදහස් (0)

කෝටි තුනක හෙරොයින් සමඟ 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 404 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site