IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘සජිත්ගේ වැඩකට රනිල් හොඳ කියයි ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හෘද රෝගීන්  සදහා භාවිතා කරන බෙහෙත්  වර්ග දෙකක් සමගි ජන බලවේගයේ "හුස්ම"වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය.

ඖෂධ අවශ්‍යතාවයන් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥයන්ගෙන් විමසා දැනගෙන අදාළ ඖෂධ  ලබා දීමට තීරණය කළ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

සමගි බල සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැටුප් මෙන්ම පක්ෂ සංවිධායකවරුන්, පාක්ෂිකයන් ,දෙස් විදෙස් පක්ෂ සංවිධාන මේ සඳහා ආධාර උපකාර කරන බවද විපක්ෂනායකවරයා කීය.

එම ඖෂධ රටේම අවශ්‍යතාවය අනුව ලබාදීමට ශක්තියක් නැති වුවත් හැකි පමණ ලබා දීමට කටයුතු කරන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන සතියේ  මිලියන 37 ක් වටිනා ජීවිත බේරා ගැනීමේ රෝහල් උපකරණ පරිත්‍යාග කරන්නටත් බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ අදාල පරිත්‍යාගය සම්බන්ධයෙන් විපක්ෂ නායකයාට මෙන්ම සමගි ජන බලවේගය ට ස්තූතිය පළ කරන බවයි.

මේ ක්‍රියාව හොඳ ආදර්ශයක් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් විදේශ විනිමය ලබාගන්නැයි විපක්ෂනායකවරයා  කළ ඉල්ලීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල වලට දැනුම් දෙන බවත් ඖෂධ පරිත්‍යාගය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ  කටයුතු සඳහා සාකච්ඡා  කිරීමට රුවන් විජයවර්ධන මහතාට දන්වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

 



අදහස් (2)

‘සජිත්ගේ වැඩකට රනිල් හොඳ කියයි ‘

කෝරළගේ Thursday, 19 May 2022 04:04 PM

සජිත් මේ රනිල්ගේ කපටි ගැටවලට අහුවෙන්න එපා. ඔයා කරන හොඳ දේවල් ඔයා කරගෙන යන්න. මෙයා රට දැන් ගොඩ ගන්න හදන්නේ රටේම සම්පත් විකුණලා, සල්ලි අච්චු ගහලා. ඉතින් රාජපක්ෂලත් කළේ ඕකමනේ. මේ රනිල් රට වලපල්ලට යවලා බේරේ වැවෙන් නාලා තමයි ගෙදර යන්නේ...

:       13       10

විපරමා Thursday, 19 May 2022 05:02 PM

මොනවා වුණත් සජිත්ගේ සමහර වැඩසටහන් වලින් රටට යහපතක් වුණා. ඒකේ දෙකක් නැහැ. බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් නිසා තමයි රටම අර්බුදයට පත් වුනේ..!

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 421 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site