IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සා පෙළ විභාග කාලයේ විදුලිය කප්පාදු කරන්නේ නෑ

(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මේ මස 23 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයේ සහ පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය.

එළඹෙන සති අන්තයේ (21 සහ 22) සහ මේ මස 29 වැනිදා පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන ලෙස ද ඉල්ලා සිටි බව කී ජනක රත්නායක මහතා මෙම කරුණ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය සැපයීමට ඉන්ධන මෙට්‍රිත්ටොන් 10,000 ක් අවශ්‍ය බවත් එම ඉන්ධන ප්‍රමාණය ලබන 22 වැනිදාට පෙර ලබාදෙන ලෙස රජයට සහ ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

සා පෙළ විභාග කාලයේ විදුලිය කප්පාදු කරන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 417 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site