IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ප්‍රචන්ඩ ක්‍රියා ගැන විවාදය හෙට :ශෝක යෝජනා විවාදය කල් යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලින් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය සම්බන්ධයෙන් සභාව  කල්තබන අවස්ථාවේ විවාදය හෙට (20) දිනයේද  පැවැත්වීමට තීරණය කළ බව  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

මේ අනුව ඒ කාරණය විවාදයට ගන්නා  දින ගණන හතරක් දක්වා ඉහළ යනු ඇත.

රටේ පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ විවාදය  පාර්ලිමේන්තුවේදී පසුගිය 17 වැනිදා, ඊයේ (18) සහ  අද (19) පැවැත්විණ.

ප්‍රචණ්ඩකාරීන් අතින් නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාව අද(20) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අද දිනයේද  විවාද කළ යුතු බව මන්ත්‍රීවරුන් ගණනාවක් ඉල්ලීම්   කර ඇති  හෙයින්  එම පියවර ගත් බවද සභානායකවරයා කීවේය.

මේ අතර ඝාතනය කෙරුණු අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා වෙනුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව  තිබූ ශෝක යෝජනා විවාදයට  යම් යම් ප්‍රශ්න නිසා සහභාගිවීමට නොහැකි වන බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇතැයි  දැනගන්නට ඇත



අදහස් (1)

ප්‍රචන්ඩ ක්‍රියා ගැන විවාදය හෙට :ශෝක යෝජනා විවාදය කල් යයි

de silva Thursday, 19 May 2022 07:35 PM

ප්‍රචණ්ඩ ක්‍රියා ගැන වාද විවාද කළා හොඳටම ඇති. දැන් තෙල්, ගෑස් සහ බෙහෙත් ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න. එහෙම කරන්න බැරි වුණොත් කුපිත වෙන ජනතාව කුමකි කරාවිද කියලා කියලා බැහැ. තෙල්, ගෑස්, බෙහෙත් ප්‍රශ්නවලට විසඳුම් නොමැතිනම් කරුණාකර ගෝඨාභය සමග ගෙදර යන්න.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 418 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site