IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ යැයිද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 19 ) පැවසීය.

"මෙිකට වැරදිකාරයෝ ගොඩක් ඉන්නවා. මුලින්ම මේ ආර්ථික ව්‍යසනය, ආර්ථික පීඩනය ඇති කරපු සියලුදෙනා මේකට වගකියන්න ඕන. ඒ සඳහා අරලියගහ මන්දිරයේදී උත්තේජනයක් ඇති කළ සියලුදෙනා වගකියන්න ඕන.මේ සමස්ථ පාර්ලිමේන්තුව පරිවර්ථනය කරන්න. මේකට වැඩපිළිවෙලක් සොයන තැනට එන්නැයි,ගුණපාල රත්නසේකර මහතා එහිදී කීය. 

 රටට ඉතාමත් ඉක්මනින් සාමය අවශ්‍ය බවද මේ වගේ ගිණිදැල් මැද්දෙන් කටයුතු කරන රටකට විදේශ රටවල් මුදල් ණයට ලබා දෙන්නේ නැතැයි ද ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේය.



අදහස් (6)

පාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවා

Ruwan R Thursday, 19 May 2022 07:55 PM

පරක්කු වුණා වැඩි නැද්ද?

:       21       60

නුහුගුණේ Thursday, 19 May 2022 08:03 PM

ඇයි ගුණේ තව සතියකින් දෙකකින් හිතෙන්නේ...? සිහින ඇමැතිකම නොලැබෙයි කියලා කිව්වාද? ඔය කතාව පත්තරේට කිව්වාම ලොක්කා බයවෙලා ඇමැති පට්ටමක් දෙයි කියලා හිතුණාද? අර හරීන්, මනූෂ කරපු නාට්ටිය වගේ... රටට ආදරේ නම් දැන්ම යන්නකෝ... අපේ සල්ලි කාබාසිනියා කරන් නැතිව..

:       23       64

MO77 Thursday, 19 May 2022 08:03 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී ගොල්ලන්ගේ බහුතරයක් ඉන්නේ පස්කාරයින්, වැලි කාරයින්, බාර්කාරයින්, කුඩු ඒජන්ට්ලා... සමහරු මංකොල්ලකාරයින්... තවත් සමහරු මාල කඩනවා... ලොකුම ලොකුඅය හොරාකාපු රුපියල් දීලා ඩොලර් පිටරට පන්නපු අය. තවත් සමහරු ඉන්නවා නිධන් කඩපු... තවත් සමහරු රජයේ ඉඩම් අල්ලාගෙන වැව්වල, මුහුදුවල හොටෙල් ගහපු අය. මොවුන්ගේ මොන රටවල් හදන්නද?.

:       16       90

Peduru Friday, 20 May 2022 06:19 PM

නීතිඥ නාගානන්ද හා එකතුව එම අලුත් ව්‍යවස්ථාව ගෙනෙන්න එක්වන්න..!

:       0       1

BamunuarachchiSunday, 22 May 2022 01:09 PM

කවුද නාගානන්ද කියන්නේ? අර කටින් බතල හිටවන හාදයාද?

:       0       0

K.Munasigha Saturday, 21 May 2022 07:02 PM

ඔබ වගේ වැදගත් මිනිස්සු ඉවත්වීම නොවෙයි, කළයුත්තේ... ස්වාධීන වී ගෝල්ෆේස් අරගල කරුවන්ගේ මතය සමග හිටගැනීමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 417 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site