IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘පරණ විදියටම මගේ ජීවන රටාව ගෙන යන්න පුළුවන්‘

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා පාර්ලිමේන්තුවට මුලින්ම ආවේත් "බෙන්ස්" එකක යැයි ද හෙට දවසෙත් ඒ  ජීවන රටාව ඒ විදියට ගෙන යන්න පුළුවන් බව නිහතමානීව ප්‍රකාශ කරන්නේ යැයිද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය.

විනාශ කරන ලද තම නිවස හැදුවේ දේශපාලනයට එන්නත් පෙර යැයි පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමා දේශපාලනයෙන් අලුතින් හම්බ කරගත් දෙයක් නැතැයි ද සදහන් කළේය.
රටෙි පසුගිය දිනවල ඇතිවූ දේපොළ හානි පිළිබඳ සභාව කල් කල්තැබීමේ විවාදයට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.

සමාජ ක්‍රියාකාරීන් කියන 56 දෙනෙක් විසින් විටින්  විට අහවලා ගේ නිවසට තාම ගියේ නැද්ද කියමින් ආදරණීය අරගලයේ ඇඩ්මින්වරුන් මේ රට මෙි තත්ත්වයට ගෙන එන්න සිද්ධ කළා නම් තව මොනවද මේ කතා.එය සාධාරණීකරණය කරන්න මේ පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ කතා කරනවා නම් ඒ ගැන මා කණගාටු වෙනවා.මේ මොහොතේ 225ට එකතු වෙන්න බැරිනම් රට ගැන අමතක කරන්න.

මම පෞද්ගලික දෙයක් බවත් කතා කරන්න බලාපොරොත්තු වුණේ නැහැ.නමුත් මිනිත්තුවක් අරගෙන එය කතා කළ යුතු යැයි මා සිතුවා.මගේ නිවස හැදුවේ දේශපාලනයට එන්න ඉස්සෙල්ලා.1991 වසරේ දී ගෘහ නිර්මාණකරණය පිළිබඳ සම්මාන හයක් මට ලැබුණා.1976 වසරේ දී මගේ උපාධිය ලබාගත් පසුව 1978  වසරේදී මා ලාබාලතම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වුණා.මා දේශපාලනයෙන් අලුතින් දෙයක් හම්බ කරල නැහැ.වසර හතරක් තිස්සේ මගේ නිවස හැදුවා. 1990 දී වැඩ නිම කලා.එම නිවස කෞතුකාගාරයක් බව එහි පැමිණි තානාපතිවරයෙක් පැවසුවා.

අද මෙවැනි තත්වයක් ඇතිවුනේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසයි.අද වන විට මීට සම්බන්ධ සියලු දෙනාගේ වතගොත ආරංචි වී තිබෙනවා.⁣යකෝ මේකේ කාමර හොයාගන්න මැප් එකක් ඕන නේ කියලා එක්කෙනෙක් කියනවා.යකෝ මූ මහරාජා  කෙනෙක් වගේ නේ ජීවත් වෙලා තියෙන්නේ ගහපිය මරපිය කොටපිය නැති කරපිය කියලා තව කෙනෙක් කියනවා.ඒ ඔක්කොම රෙකෝඩ් වෙලා තිබෙනවා.ඒ කණ්ඩායම් දාසයක් විතර මේ වෙනකොට අත්අඩංගුවට ගෙන තිබෙනවා.ප්‍රගතිශීලී යැයි කියන කට්ටිය කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලනවා.මොන නීතියක් ද මේ රටේ.මම පාර්ලිමේන්තුවට එනකොටත් ආවේ බෙන්ස් එකක. කවුරු හරි කියාවි නයා දානවා කියලා.හෙට දවසෙත් ඒ මගේ ජීවන රටාව ඒ විදියට ගෙන යන්න පුළුවන් කියා නිහතමානීව ප්‍රකාශ කරනවා.අපි එහෙම වට්ටන්න අමාරුයි.යනුවෙන්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.



අදහස් (11)

‘පරණ විදියටම මගේ ජීවන රටාව ගෙන යන්න පුළුවන්‘

ven hemarathana Thursday, 19 May 2022 05:09 PM

පින්වත, එහෙනම් මොන මගුලකටද ඒ කාලයේ ජීඅයි පයිප්ප බට වගයක් ඉස්සුවේ..? නඩුව ගොඩදාගත්තාට කතාව ඇත්තයිනේ. ලැජ්ජා නැතිද හලෝ...? තව තියෙනවා ඒ කාලයේ ...ජනමාධ්‍ය ඇමැති කාලේ? ඔබගේ උපාධිය සුප සාස්තරේ ගැනනේ, ඒ නිසා ගෙදරට වෙලා කරවල බැද බැද ඉන්න. සුවපත් වේවා...!!!

:       14       87

sachith Thursday, 19 May 2022 05:13 PM

ඕස්ට්‍රේලියාවේ ගිහින් බීලා බැල්කනි පල්ලේ වැටුණාම බෙහෙත් ගන්න වැඩේටත් ඔහොම්ම කිව්වා නම් මේ අඳෝනාව ටිකක්වත් පිළිගන්න තිබ්බා...!

:       11       86

darma Thursday, 19 May 2022 05:20 PM

අනිවාර්යයෙන් මිනිස්සු අවුස්සපු පේජ් කාරයින්ගේ ඉඳලා ඔක්කෝම අල්ලන්න ඕනෑ. ඔය ඔක්කෝටම තිබ්බේ ඉරිසියාව. ඕක ජෙප්පන්ගේ තාලේ. කෙනෙක් ලස්සනට හැදිලා ඉන්නවාට මාර තරහයි. 1990 හදපු ගේ හොරකම් කරලා හැදුවා වෙන්න බැහැනේ කොහොමටවත්...!

:       79       43

de silva Thursday, 19 May 2022 06:21 PM

බලේ තිබෙන කොට මේ අයගේ මුළු පවුලම හැසිරුණේ මහ අවලම් විදිහට... මේ අය හිතන් හිටියේ ලංකාව යනු ඔවුන්ගේ බූදලයක් කියලා.. මේ අයගේ දරුවනුත් බීමතින් රිය පදවලා විශාල අනතුරු කිහිපයක් කළා... මේ අය හොරකම් කළේ නැතිනම් රට බංකොළොත් වුණේ කොහොමද?

:       6       60

විපරමා Thursday, 19 May 2022 06:27 PM

දේශපාලුවන් කවද්ද ඇත්‍තක් කිව්වේ? අපි තමුන් ගැන නොදන්නවා නෙවෙයි. ඒක වෙන්න ඇති විදුලි බල මණ්ඩලයටත් පොලු තිබ්බේ...?

:       6       64

Kumara Thursday, 19 May 2022 06:32 PM

කාර් එක ඉතුරු වුණා. වැඩේ හරියට කරලා නැහැ...

:       9       51

sugath Thursday, 19 May 2022 06:35 PM

ඉතින් ඔච්චර ධනයක් තියෙනවා නම්, අර බැල්කනි පල්ලේ වැටුණාම ආණ්ඩුවේ මුදල් වලින් ප්‍රතිකාර ගත්තේ ඇයි?

:       6       70

fairoos Thursday, 19 May 2022 07:07 PM

මම හිතුවේ ආණ්ඩුවේ ලොන්ඩ්‍රියේ රෙදි හෝදලා කියලා...!

:       5       43

BamunuarachchiSunday, 22 May 2022 01:11 PM

නැහැ..., හරක් මස් කඩයක් දාන්න හදනවා.

:       0       0

Bamunuarachchi Thursday, 19 May 2022 07:33 PM

දරිද්‍රතාවයෙන් පෙලෙන ජෙප්පන් තමන් අවට සිටින සියලු දෙනාටම වෛර කරනවා. ඔවුන්ට බලය ගියොත් අපි සියලු දෙනාගේම දේපල උදුරා ගන්නවා...

:       52       26

Lalith M Thursday, 19 May 2022 07:40 PM

මතකද ඕස්ට්‍රේලියාවේ ගිහින් කාගේදෝ බැල්කනි අස්සේ රිංගන්න ගියා කව්ද මන්ද? එයා වැටිලා බෙහෙත් කළේත් ජනපති අරමුදලේ පිහිටෙන් කියලා කතාවක් තිබුණා. අනේ මන්දා බෙන්ස් කියන්නේ මොකක්ද කියලා...?

:       5       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 419 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site