
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇමතිකම් ලබා ගැනීම පිළිබඳ තීන්දුවක් ගත්තේ නැතැයි ද අමාත්‍යධූර තනතුරු ගැනීම අවශ්‍ය නැති අතර රජයට අවශ්‍ය සහාය දෙන බව මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වුවත් ජනතාව දැන් බඩගින්නේ දුක් දුක්විඳිමින් සිටින අතර රට ගොඩ ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කාර්යක්ශම කිරීම අවශ්‍ය වී ඇති හෙයින් රට වෙනුවෙන් අවශ්‍ය සහාය දෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැන්නන් ඊළඟ ඡන්දෙදී ගෙදරටම යවමු. මෙයාට අගමැතිකම නොදුන් නිසා තමයි මේ.