IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගින්නෙන් ඇගළුලුම් කර්මාන්ත ශාලාව විනාශයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම වෙලේවැව පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක 19 දින රාත්‍රියේ හදිසියේ ඇතිවු ගිනි ගැනිමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

ගින්න එකවර මුළු කර්මාන් ශාලාව පුරා පැතිරි ගිය බවත් ඒ අවස්ථාවේ ඇද හැලුණු  ධාරානිපාත වර්ෂාවට ද ගින්න අඩු විමක් සිදු නොවු බව පොලිසිය කියයි.

ගින්න ආරම්භ වන විටම එම ස්ථානයට පැමිණි නවගත්තේම පොලිස් නිළධාරින් විසින් පුත්තලම නගර සභාවේ හා හලාවත මහ නගර සභා ගිනි නිවන ඒකක වලට කථා කෙරුවද ඉන්ධන ප්‍රමානවත්ව නොමැති විම නිසා පැමිණිමට නොහැකි බවද පොලිස් නිළධාරින්ට දන්වා ඇති බව කියයි

ගින්නෙන් කර්මාන්ත ශාලාවට රුපියල් කෝටි ගනනක අලාභයක් සිදුව ඇති බවත් එය සම්බන්ධව පොලිසිය පරික්ෂණ අරඹා ඇති බව කියයි.

පොලිසිය පවසන්නේ මේ දිනවල කර්මාන්න  ශාලාවේ නඩත්තු කටයුත්තක් සිදුවෙමින් තිබු හෙයින් සේවකයින් සේවයට පැමිනිම සිදුව නැති බවයි.

ඒ තිබියදි මෙම ගිනි ගැනිම විදුලි කාන්දුවකින් සිදු වුවාද නැති නම් කිසිවකු ගිනි තැබුවාද යන්න පරික්ෂණ අරඹා ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

ගින්නෙන් ඇගළුලුම් කර්මාන්ත ශාලාව විනාශයි

Lalith Friday, 20 May 2022 05:27 PM

හරිම දුක හිතෙන කරුණක්. ජාතික ධනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 404 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site