කොරෝනා මරණ වැඩි වීමක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 February 2022
කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර්ට කොරෝනා කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර්ට කෝවිඞ් 19 ආසාදනය වී ඇතැයි ”ක්ලැරන්ස් හවුස්” නිවේදනය කරයි. 14 February 2022
විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවට පොලිසියෙන් පොල්ලක් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන අයුරින්ම හනුවර නගරයේ විභාග මධ්‍යස්ථානයක් ඉදිරිපට විරෝධතාවක් පැවැත් වූ කම්කරු සංවිධානයක් විසුරුවා හැරීමට මහනුවර පොලිිසිය කටයුතු කළේය. 14 February 2022
හොර වෙදා මත් පෙති සමග මාට්ටු වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ජාවාරම්කරුවෙක් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 February 2022
‘‘ දෝෂ හදා දුම්රිය මැදිරි ධාවනයට යොදවන්න‘‘ දැනට ආනයනය කර ඇති දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන නිලධාරිනට අද උපදෙස් දුන්නේය. 14 February 2022
සුව සේවක වර්ජනයෙන් ගර්භණියන් - කුඩා දරුවන් අමාරුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 14 February 2022
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළ අයකු අත්අඩංගුවට මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව සිවිල් ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (14) සවස පානදුරේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 14 February 2022
වෙඩි සද්ද සමඟ ගල් මුල් වරුසාවක් එල්ල වුණා තමා බිරිඳ සහ දියණිය නිවෙසේ නිදාගෙන සිටියදී අලුයම 2ට පමණ හතර වටින් ඇසුණු විශාල වෙඩි සද්ද සමඟ නිවෙසට ගල් මුල් වරුසාවක් එල්ලවූ බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය. 14 February 2022
ආරච්චිකට්ටුවේ අනතුරින් දෙකක් මරුට පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 14 February 2022
බොරැල්ලේ බෝම්බ සිද්ධියට වෛද්‍යවරයා රිමාන්ඩ් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි පිළියන්දල පදිංචි වෛද්‍යවරයා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය. 14 February 2022
ගංගාරාමයේ නවම් මහා පෙරහැර හෙට සහ අනිද්දා කොළොම්පුර මහා කලා මංගල්‍ය හෙවත් කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර හෙට (15) සහ අනිද්දා (16) රාත්‍රී 7.00 සිට වීදි සංචාරය කෙරේ. 14 February 2022
විදුලි ඇමැති වෛද්‍ය පරික්ෂණයට සිංගප්පූරු යයි විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට පිටත්ව ගියේය. 14 February 2022
කරඬු සොරකමේ පරික්ෂණ සී.අයි.ඩීයට රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු රන් සහ පළිඟු කරඬු 9ක් සොරාගැනීමට සිද්ධියේ පරීක්ෂණ අද (14) සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 14 February 2022
චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන අපක්ෂපාති පරීක්ෂණයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවිටක දේශපාලන වශයෙන් මැදිහත් නොවන බවත් එම සිද්ධිය පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය. 14 February 2022
‘‘උසාවි නියෝගවලට පිටුපාන වෘත්තිය සමිති ක්‍රියාකාරින් අත්අඩංගුවට ගත යුතුයි‘‘ අධිකරණ නියෝග නොතකමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය. 14 February 2022
අක්‍රීය වූ විදුලි බලාගාර දෙක යථා තත්වයට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින දෙකක් අක්‍රීයව පැවැති කෙරවලපිටිය බටහිර වෙරළ විදුලි බලාගාරය සහ සොජිට්ස් විදුලි බලාගාරය අද (14) පස්වරුවේ යථා තත්වයට පත්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 14 February 2022
සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක සෞඛ්‍ය වෘත්තීයවේදීන් දින අටක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින වැඩවර්ජනයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජනධිපති ලේකම්වරයා ප්රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට හදිසි සාකච්චාවක් ආරම්භ වී තිබේ. 14 February 2022
පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් තිදෙනකු ඇතුළු 28කට කොවිඩ් පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි අද (14) තහවුරුවී ඇත. 14 February 2022
’’දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් බොල් ණය’’ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණ මේ වන විට බොල් ණය තිබෙන අතර එම ප්රශ්නය විසඳුවෙි නැතිනම් බැංකු ක්‍රමය කඩා වැටීමේ අවදානමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 February 2022
පි.එච්.අයි රුපියල් 5000 තනතුර පාවා දෙයි පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම රෝහල් පරිශ්‍රයේ පිහිටි ආපන ශාලවේ හිමිකරුගෙන් රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ගනින්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 14 February 2022
සුව සේවයෝ මහ පාරේ සෞඛ්‍ය වෘත්තීය සමිති සවිධානය කළ විරෝධතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවැත්විණි. 14 February 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව පෙත්සමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) පෙත්සමක් ද ඉදිරිපත් විය. 14 February 2022
යුක්රේනයේ සිටින ලාංකිකයන් ගැන තුර්කි තානාපති කාර්යාලය විමසිල්ලෙන් ශ්‍රී ලාංකිකයන් ආසන්න වශයෙන් 40 දෙනකු පමණ යුක්රේනයේ රැඳි සිටින බවත් ඉන් හත් දෙනෙක් ශිෂ්‍යයන් බවත් විදේශ සේවා අමාත්‍යංශය පවසයි. දැනට යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව පිළිබඳ තුර්කියේ අන්කරා නුවර පිහිටි තානාපති කාර්යාල මගින් සොයා බලන බව අමාත්‍යංශය පවසයි. 14 February 2022
අන්තර් ජාල කේබල්වල දෝෂයක් බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි. 14 February 2022
ආයතන දෙකක ප්‍රධානීහු ලබන සතියේ කෝප් කමිටුව හමුවට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව ) ලබන සතියේ කැදවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 14 February 2022
ආපනශාලා කෝකියා ගින්නට බිලි ළිඳුල ආපන ශාලාවක මුළුතැන්ගෙහි තුල ගිනි ඇවිලිමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිඳුල පොලිසිය පවසයි. 14 February 2022
මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසු ද? ඉස්සර කියමනක් තිබුනා ‘මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසුයි’ කියලා.මම දන්නේ මේක මොකට කිවද කියලා. අද ඒ ගොවි ජනතාවට අත්වි ඇති ඉරණම කුමක්ද.උගස් බඩු කඩේ ලගින් යන කොට හැංගිලා යනවා,බැංකුවෙන් සතියකට ලියුම් දෙක තුනක්වත් එනවා.නැත්නම් හිරේ දානවා.එහෙම නැත්නම් තමන්ගේ බිරිද විදෙස් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි. 14 February 2022
වැස්ස ගැන තොරතුරු දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද (14) ත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2022
චමුදිතගේ නිවෙසට අසූචි ප්‍රහාරයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 14 February 2022
යුක්රේන සීමාවට රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත රුසියාව යවා ඇතැයි වාර්තා වෙයි. 13 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026