‘‘වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළා‘‘ “2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආසන්නයේ සිදුකල යුද අභ්‍යාස නිම කිරීමෙන් පසු නැවත තම සේනාංක කඳවුරු වෙත ගමන් කරන බව රුසියාව නිවේදනය කිරීමත් සමග, මොස්කව් අවධාරණය කර ඇත්තේ පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි.වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළ බව රුසියාව 16 February 2022
රටට පණ දෙන කර්මාන්තකරුවන්ට විශිෂ්ටතා සම්මාන රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී අද පැවැත්විණි. 15 February 2022
භද්‍රානි සතොසේ වැඩ බලයි සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කළ බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද පැවසීය. 15 February 2022
මතුගම වෙඩි තැබීමකින් තිදරු මවක් මරුට මතුගම බාලිකා පාරේ නිවසකට ගිණි අවි රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් තිදරු මවක එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි 15 February 2022
''නවම් පෙරහර හෙළ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට නිර්මාණයක්'' ගංගාරාම නවම් පෙරහර බෞද්ධ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට කලා මංගල්‍යයක් බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ පැවසූහ. 15 February 2022
ලන්සා අස්වෙයිද ? ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 February 2022
ජනමාධ්‍ය හා පුද්ගලික නිදහස කණගාටුදායක මට්ටමක රටේ ජනමාධ්‍ය හා පුද්ගලික නිදහස මේ වන විට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇතැයි 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා කොළඹදී පැවසීය. 15 February 2022
කොවිඩ් මරණ 30 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 February 2022
විදුලියේ අඩුපාඩුවක් දයාසිරි පෙන්වයි පුනර්ජනනීය විදුලිය ලෙස නිෂ්පාදනය කරන ලද මෙගාවොට් 40 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් ඊට වගකිව යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද කුරුණෑගල දී පැවසීය. 15 February 2022
කොවිඩ් ආසාදිතයන් 1252 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,252 ක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 February 2022
සියලු හමුදා සාමාජිකයන්ට “විරු අබිමන් ” නිවාස ණය සියලුම හමුදා සාමාජිකයන්ට හා විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් පස් අවුරුදු ක්‍රමෝපායික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන “විරු අබිමන” නිවාස ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි. 15 February 2022
ලංවීම සෘජුව ඉන්ධන ආනයනය කරයි විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මැදිහත්වීමකින් තොරව සෘජුව ආනයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව ලැබී තිබේ. 15 February 2022
හිමිනමක් වෙනුවෙන් විභාගය ලියූ හිමිනමක් අල්ලයි කොක්මාදුව වැලිගම ප්‍රදේශයේ විහාස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර 2021 අ.පො.ස/උසස් පෙළ විභාගයට පෙනී සිටි බව කියන තවත් හිමිනමක් පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ දී සැක පිට අද (15) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය කියයි. 15 February 2022
නවම් පෙරහැරට රථ වාහන සැලැස්මක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර වෙනුවෙන් අද (15) සහ හෙට (16) දෙදින තුළ පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 15 February 2022
ඉන්දීයාවෙන් ණය දෙන තෙක් ඩීසල් එවයි මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය රජය විසින් අද(15) කොළඹ වරායේ දී භාරදෙනු ලැබීය. 15 February 2022
මහපොළ පනතට කතානායකගේ සහතිකය මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය. 15 February 2022
’’ විදුලිය කපන්නේ නෑ’’ ඉදිරි මාස තුන තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 February 2022
ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් චාමර සම්පත් නිදහස් බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණ ගැස්සූ බවට චෝදනා ලබා සිටි ඌව හිටපු ප්‍රධාන ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද නියම කළේය. 15 February 2022
බට නඩුවෙන් කෙහෙළිය නිදහස් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුදලින් ජී.අයි පයිප්ප 600ක් මිලදීගෙන රුපියල් නව ලක්ෂ අනූදහසක මුදලක් ආණ්ඩුවට පාඩුකර අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිණී සංස්ථාවේ හිටපු සභාපති සහ එම සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (15) නියෝග කළේය. 15 February 2022
මාස 14කදී පී.සී.ආර් 78ක් : හැම වාර්තාවක්ම පොසිටිවු තුර්කියේ ඉස්තාන්බුල් නුවර වාසය කරන 56 හැවිරිදි මුසාෆර් කෙයෙසාන් වේ මාස 14ක් තිස්සේ සිදු කළ පී.සී.ආර්.වාර්තා අනුව කොරෝනා රෝගියකු ලෙස තහවුරු කර ඇත. 15 February 2022
නීතිපතිගේ ක්‍රියාකලාපය ගැන කාදිනල්තුමන්ගේ අප්‍රසාදය පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසමත් නීතිපතිවරයා ඒ සම්බන්ධව යුක්තිය ඉල්ලා සටන් කරන අයව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 15 February 2022
‘‘ඡන්ද නොවෙයි ජනතාවට වැඩ කරමු‘‘ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක මැතිවරණයකට වියදම් කිරීමට සුදුසු නැහැ. ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ වැඩ කිරීම මිස මැතිවරණ නොවේ යැයි පොදුජන පෙරමුණු මන්ත්‍රී අසංක නවරත්න මහතා අද කුරුණෑගල දී පැවසීය. 15 February 2022
කොරෝනාවට පැණි හැදූ ධම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට කොරෝනා රෝගයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කරමින් රටපුරා ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාර මහතාගේ බාල සහොදරයා කෝවිඩ් වයිරසය උත්සන්න වීමෙන්කු මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. 15 February 2022
රුසියාව අඩියක් පස්සට තබයි රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 15 February 2022
වෙන් කර ගත් ආසන අවලංගු කිරීමේ දී දඩයක් කලින් ආසන වෙන් කිරීමේ පහසුකම මත ආසන වෙන් කර ගත් මගීන් එම වෙන් කල ප්‍රවේශ පත් අවලංගු කිරීමේ දී යළි 50% ක ගාස්තුවක් ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 15 February 2022
ත්‍රස්තපනතට එරෙහිව අත්සන් එකතු කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල කරමින් සර්වපාක්ෂික යුක්තිය සඳහා එකමුතුව පෙත්සමකට මහජන අත්සන් ලබාගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල අද ආරම්භ විය. 15 February 2022
රුපියල් කෝටියක ‘කුෂ්’ රේගුව අල්ලයි රුපියල් කෝටියකට ආසන්න වටිනාමකින් යුත් ‘කුෂ්’ ගංජා සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් පහක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 15 February 2022
සහල් නිෂ්පාදනය සීමිත පිරිසක් අතට පත්වීම ජනතාවට අවාසියි සහල් නිෂ්පාදනය සීමිත පිරිසක් අතට පත්වීම නිසා එම වෙළෙඳපොළ තුළ විශාල ඒකාධිකාරී තත්වයක් ගොඩ නැගීමෙන් පාරිභෝගික ජනතාවට අවාසි සහගත තත්වයක් නිර්මාණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. 15 February 2022
සුවසේවක වර්ජනය හෙටින් අවසන් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කරමින් සිටි වැඩ වර්ජනය දින 14 ක් සඳහා තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 February 2022
හිටපු ජනපතිගේ පෙත්සම යළි සලකා බලන්න දින දෙයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචන පෙත්සම යළි සලකා බැලීම මාර්තු මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය අද (15) නියෝග කළේය. 15 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026