සුවසේවක වර්ජනය හෙටින් අවසන් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කරමින් සිටි වැඩ වර්ජනය දින 14 ක් සඳහා තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 February 2022
හිටපු ජනපතිගේ පෙත්සම යළි සලකා බලන්න දින දෙයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචන පෙත්සම යළි සලකා බැලීම මාර්තු මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය අද (15) නියෝග කළේය. 15 February 2022
කලහකාරිව හැසුරුණු ගුවන් මගියාට සේවිකාවගෙන් කෝප්ප පහරක් ලොස්ඇන්ජලීස් නුවර සිට වොෂින්ටන් දක්වා පියාසර කළ ඇමෙරිකා ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් ගත් මගියකු කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ පිටවන දොරටුව උඩු ගුවනේදී විවෘත කිරීමට කිරීමට උත්සහ කළ අවස්ථාවේ ගුවන් සේවාකාවක එය වළැක් වූ බව වාර්තා වෙයි. 15 February 2022
‘සොජිට්ස්’ බලාගාරය යළි අක්‍රීය වෙයි කැලණිතිස්ස ‘සොජිට්ස්’ බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා අද (15) පෙරවරුවේ සිට එම බලාගාරය අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 February 2022
ශෙහාන් මාලකට ඇප පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රජය කෙරෙහි ජනතාවගේ අනාගතය ඇතිවන ආකාරයෙන් කටයුතු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශෙහාන් මාලක ගමගේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළාය. 15 February 2022
සෞඛ්‍ය වර්ජනය විසඳන්න ජනාධිපති මැදිහත් විය යුතුයි සෞඛ්‍ය වෘත්තීයවේදීන් නවවැනි දිනටත් ක්‍රියාත්මක කරන වර්ජනය ස්ථිරව නැවැත්වීමට නම් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 February 2022
මීටර් - නළ නැතිව ජල සැපයුමට බාධා නව ජල සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර් (මනු) සහ නළ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සතුව නොමැතිවීම නිසා නව ජල සැපයුම් ලබාදීමට මාස කීපයක් ගතවන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 15 February 2022
ඉවත් කළැයි කියූ සතොස සභාපති අද සේවයට ඇවිත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ නියෝගයෙන් වැඩ තහනමකට ලක් වූ බව කියන සතොස සභාපතිවරය සහ එහි ප්‍රවාහන කළමණාකරු අද යළි සේවයට වාර්තා කර ඇත. 15 February 2022
අත්වැඩට ගිය පාසල් සිසුවා විදුලි සැරෙන් මරුට තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සොයාගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවකු යටතේ කොන්ක්‍රිට් ඇනීමට ගිය බව කියන ගල්ගමුවේ මොට්ටාරම්පොතානේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. 15 February 2022
මැති ඇමතිවරුත් පාපැදියෙන් යන්න සැරසෙයි ඉදිරියේදී මැති ඇමතිවරුන්ද පාපැදියෙන් ගමන් කරනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 February 2022
රූපවාහිනියේ අධ්යක්ෂ ජනරාල් ඉවත් වෙයි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. 15 February 2022
අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක් අඩු ආදායම්ලාභීන් සඳහා මෙවර අයවැය මගින් යෝජිත ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරාගත් පවුල් 40කට බැගින් රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 February 2022
ආනයන ගැන විකල්ප සොයන්න කමිටු තුනක් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය දේ ආනයනය සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීම වෙනුවෙන් එම භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් සමඟ සාකච්ඡා කිරීම සඳහා කමිටු තුනක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 February 2022
සමන් චන්ද්‍රනාත් දිවියට සමුදෙයි ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත විය. 15 February 2022
මැතිවරණ කමිටුවේ වාර්තාව ලබන මස පාර්ලිමේන්තුවට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 15 February 2022
අද සිට දිනපතා විදුලි කප්පාදුවක් ජලාශවල ජලය සංරක්ෂණය කිරීම සඳහා සහ ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද (15) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපදේශන කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 15 February 2022
වනිඳු හසරංගටත් ‘කොවිඩ්’ ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ. 15 February 2022
වැස්සේ තාවකාලික අඩුවීමක් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පැවති වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 February 2022
‘‘පරිප්පුවා‘‘ මාට්ටු ප්‍රධාන මහේස්ත්‍රාස් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ’’පරිප්පුවා’’ නමැත්තා විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රියේ අඹන්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 15 February 2022
‘‘උද්ඝෝෂකයන් ගැන ජනතාව බලා ගනීවි‘‘ උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර ,කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14)පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට දැනුම් දී ඇත. 15 February 2022
සියයට 25 අධිභාරය නවති අයවැයෙන් යෝජිත සියයට 25 අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 15 February 2022
හොරෙන් දුම්වැටි ගෙනත් වසර හතරක් හිරගෙට ලීබඩු ආනයනය කරන මුවාවෙන් රුපියල් දස කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශීය සිගරට් ලක්ෂ 420ක් මෙරටට ගෙන්වා දුම්කොළ බදු පනත ප්‍රකාරව වරදක් සිදුකර අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයින් දෙදෙනකුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (14) නියම කළාය. 14 February 2022
12 හැවිරිදි දරුවාගේ කටට වෙඩි තියලා කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේ දී 12 හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. 14 February 2022
විභාග දීමනා කැපුවොත් තීන්දුවක් ගන්නවා අපොස උසස් පෙළ විභාගයේ පරිපාලන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන්ගේ දීමනා බරපතල ලෙස කප්පාදුකර කිරීමට විරෝධය පළකරන බවත් වගකිවයුතු ගුණාත්මක ඇගයීම් සේවාවක් පවත්වාගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්නොකරන්නේ නම් අධ්‍යාපන ක්ෂේත්රයේ සෙසු සංගම් ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 14 February 2022
අසුචි ප්‍රහාරය - මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියි සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ. 14 February 2022
කැබිනට් ඇමැතිවරුන්ගේ වගකීම ජනපති කියයි වැඩකටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය වෙන්කර දී ඇතත් අමාත්‍යංශවල අවසන් වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14))රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 14 February 2022
සී.අයි.ඩී හිටපු ලොක්කෙක් ගැන විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරූ පොලිස් නිලධාරියකුට එරෙහිව විමර්ශන රැසක් සිදුකරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 14 February 2022
ගුවන් හමුදාව ගොයම් කපන්න කුඹුරට බසියි මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ. 14 February 2022
සුව වර්ජනය ගැන තීන්දුව හෙට සෞඛ්‍ය වෘත්තීය වේදීන් ආරම්භ කර තිබෙන අඛන්ඩ වැඩ වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. 14 February 2022
ලොවපුරා යන කොරෝනා අලුත්ම තත්ත්වය ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ සති කීපයක වාර්තා සැකසීමේදී මෙම රැල්ල වේගයෙන් සමනය වෙමින් පවතින බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. 14 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026