ඇමැති, ලේකම් නියෝග නොතකා අධ්යක්ෂ ජනරාල්වරිය වැඩට ඇවිත් සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ. 16 February 2022
හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් බවට රජය අද (16) රාත්‍රී නිල වශයෙන් ප්‍රකාශයකට පත්කළේය. 16 February 2022
අලුත් ආසාදිතයෝ 1217 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,217ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 16 February 2022
ඇමෙරිකන් කතක් ඒඩ්ස් පරදයි ඇමෙරිකාවේ එච්.අයි.වී ඒඩ්ස් අසාදිත කාන්තාවක් සුවය ලබා තිබේ. ඒ කඳ සෛල යොදා ගනිමින් කළ ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක වීමෙනි. 16 February 2022
කොරෝනා මරණ 25ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 25 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 February 2022
චමුදිතගේ නිවෙසට පහරදුන් සැකකරුවන් සොයා සී.සී.ටී.වී පීරයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ සහ යතුරු පැදියේ අංක සොයා පොලිසිය සී සී ටී වී කැමරා 100 ට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 16 February 2022
නිලාවේලි මුහුදේ ගසාගෙන ගිය තුනකගෙන් දෙකක් බේරා ගැනෙති නිලාවේලි මුහුදේ ගෝපාලපුරම් කොටසේ දිය නාමින් සිටි තරුණයක් පිරිසක් අතුරින් තිදෙනකු දිය වැලකට හසුවි ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනකු බේරා ගෙන ඇතත් එක් අයකු අතුරදහන්ව ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි. 16 February 2022
සහරාන්ගේ බිරිය හාදියාගෙන් පැය 5 ක ප්‍රකාශයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඒ හා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා හාදියා නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැය 5 ට අධික කාලයක් පුරා ප්‍රශ්නර කර ප්‍රකාශයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 16 February 2022
ස්කිපර් මුහුද මැදදී ධිවරයන්ට පහරදී පළා ගිහින් මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය එම්.ටි.ආර්.කැන්ගරෝ යාත්‍රාවේ ස්කිපර්වරයා යාත්‍රාවේ ධිවරයින් හතර දෙනාට පහරදි වෙනත් යාත්‍රාවක නැගි පළාගොස් ඇති බවත් පහරකෑමට ලක්වු ධිවරයින් හතර දෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් වරාය පොලිසිය පවසයි. 16 February 2022
විශේෂ ගණයේ රැඳවියෝ 9 ක් සිල්ගනිති බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් නවදෙනෙක් අද (16) නවම් පෝය දිනය වෙනුවෙන් දසසිල් සමාදන් වූ බව බන්ධනාගර මාධ්‍ය ප්රාකශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 16 February 2022
බිරියට තඩිබෑ මේජර් අත්අඩංගුවට සිය බිරියට පහරදුන් බව කියන යුද හමුදා මේජර්වරයෙකු අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 16 February 2022
ඇමැති බන්දුල ඩුබායි යයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඩුබායි රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (16) පිටත්ව ගියේය. 16 February 2022
සියලු පක්ෂ ලේකම්වරු ලබන 23 වැනිදා මැතිවරණ කොමිසමට ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ලබන 23 වැනිදා කැඳවනු ලැබ සිටිති. 16 February 2022
වසු පැටවකු මස් කළ හමුදාවේ දෙකක් මාට්ටු වාහල්කඩ ජලාශ රක්ෂිතයේ ගාල්කර සිටි වසු පැටියෙකු මස් ලබාගැනිම සදහා ඝාතනය කළ බව කියන යුධ හමුදා ලාන්ස් කොප්රල්වරයෙකු හා හමුදා භටයෙකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත්බව කපුගොල්ලෑව පොලිසිය කියයි. 16 February 2022
මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහටත් කොරෝනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මියටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීමෙන් පසු ඇය නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින්නීය. 16 February 2022
ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක් ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 16 February 2022
කටුනායක -මීගමුව දක්වා නව ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කරයි කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකල නව ද්වීත්ව දුම්රිය මාර්ගය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) මීගමුව දුම්රිය ස්ථානයේදි විවෘත කරනු ලැබීය. 16 February 2022
'යුතුකම් ඉටු නොකර පැන ගියොත් ශාප විඳින්න වෙිවි' රටට අනාගතයක් ඇති කිරීමේ යුතුකම ඉටු නොකර පැන ගිය හොත් තරුණ පරපුර වත්මන් දේශපාලකයන්ට ශාප කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද(16) පැවසීය. 16 February 2022
ශ්‍රි ලංකා - චීන තානාපති සබඳකම් හැටපස් වන සමරුව හෙට ශ්‍රි ලංකා - චීන තානාපති සබඳකම් හැටපස් වන සමරුව සහ චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම ට වසර 70 ක් පිරීම නිමිත්තෙන් වන සමරු උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) පස්වරු 2.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. 16 February 2022
'කොළඹ ආයතන රැසක විදුලි ජනන යන්ත්‍ර පාච්චියට' දෛනික විශාල විදුලි පරිභෝජනයක් ඇති කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කීපයක් ඇතුළු රාජ්‍ය ආයතන 10 කට ආසන්න සංඛ්‍යාවක් ස්වෙච්ඡාවෙන්ම එම ආයතනවල විදුලි ජනන යන්ත්‍ර පාච්චිය ආරම්භ කර ඇති බවත් ඉන් ජාතික පද්ධතියේ විදුලිය මොගාවොට් 100 ක් පමණ ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 16 February 2022
පළාත් 7ක පාලම් 66ක් නවීකරණයට පියවර දිවයිනේ පළාත් හතක පාලම් 66 ක් කුවේට් ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 16 February 2022
'සංචාරක ගම්මාන 25 ක් ඉදිකිරීමට සැලැසුම්' රුපියල් කෝටිය බැගින් වැය කරමින් මෙම වසරේ ගමනාන්ත සංචාරක ගම්මාන 25 ක් ඉදිකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 February 2022
‘‘ගාල්ල මුහුදු ආරක්ෂා කිරීමට ජනාධිපති මැදිහත් වියයුතුයි‘‘ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් තව දුරටත් ආදායම් ඉපයීමට බලාපොරොත්තු වන්නේ නම් පරිසරය රැකගැනීමට රජය වාහාම කටයුතු කළ යුතු බවත් මුහුද විනාශ කරන ගාල්ල වාරයේ පිහිටි ටින්මාළු කර්මාන්ත ශාලාවේ ක්‍රියාවලිය වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන්වන්සේ අද (16) පැවසීය. 16 February 2022
සියලු මරණවලට පී.සී.ආර් අවශ්‍ය නෑ සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. 16 February 2022
අඳුරු යුගයක හොල්මන් මාධ්‍යවේදීන් පසුපස පන්නනවා මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට වත්මන් රජය යටතේ අඳුරු යුගයක පෙරනිමිති පහල වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (16) ප්‍රකාශ කළේය. 16 February 2022
ආන්දෝලනාත්මක අරක්කු ෆැක්ටරිය ගැන සොයන්න විශේෂ කමිටුවක් හිටපු අමාත්‍යවරයකුට අයත් මත්පැන් නිෂ්පාදනාගාරයකින් මත්පැන් බදු නොගෙවා වෙළෙඳ පොළට යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 16 February 2022
අකරගනේ වැවට සිසුවියෝ දෙදෙනෙක් බිලි කුරුණෑගල වඳුරාගල අකරගනේ වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 February 2022
මහව - ඕමන්තය දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ගැන සැකයිලු ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වැයකරමින් ඉදිකිරීමට කිරීමට නියමිත මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ග නවීකරණය ව්‍යාපෘතිය පිටුපස මහාපරිමාණ වංචා සහ දුෂණ පවතින්නේ යැයි දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ. 16 February 2022
කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 16 February 2022
වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (16) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026