මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසු ද? ඉස්සර කියමනක් තිබුනා ‘මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසුයි’ කියලා.මම දන්නේ මේක මොකට කිවද කියලා. අද ඒ ගොවි ජනතාවට අත්වි ඇති ඉරණම කුමක්ද.උගස් බඩු කඩේ ලගින් යන කොට හැංගිලා යනවා,බැංකුවෙන් සතියකට ලියුම් දෙක තුනක්වත් එනවා.නැත්නම් හිරේ දානවා.එහෙම නැත්නම් තමන්ගේ බිරිද විදෙස් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි. 14 February 2022
වැස්ස ගැන තොරතුරු දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද (14) ත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2022
චමුදිතගේ නිවෙසට අසූචි ප්‍රහාරයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 14 February 2022
යුක්රේන සීමාවට රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත රුසියාව යවා ඇතැයි වාර්තා වෙයි. 13 February 2022
රත්තරන් මිල තවත් ඉහළට ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් 30 කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 13 February 2022
’’ද චීෆ් මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල්’’ නීති කෘතිය අද එළියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගමය ප්‍රකාශයට පත් කර කරනු ලබන ’’ද චීෆ් මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල්’’ නීති කෘතිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ හමුවීම් ශාලාවේ දී හෙට (14) සවස 3.00 ට එළිදැක්වේ. 13 February 2022
වතුර භාජනයට වැටුණු කුඩා දරුවා මරුට නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබු කුඩා වතුර බකට් එකකට වැටිමෙන් අවුුරුදු දෙකයි මාස තුනක් වයසැති බිළිඳකු අද(13) දහවල් මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය කියයි. 13 February 2022
කෝටි දෙකක කුඩු සමග දෙකක් මාට්ටු මුහුදු මගින් මෙරටට රැගෙන විත් තිබූ රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 13 February 2022
වල් අලියා ගොවියාගෙන් පලි ගත් හැටි වල් අලියක් මහවිලච්චියේ ගොවියකු මරා දම පසුව ඔහුගේ නිවෙස සොයාගෙන් ඊට ද හානි කර පසුව ඔහුගේ කුඹුර ද පාගා දමා නිනාශ කළ පුවතක් අනුරාධපුර මහවිලච්චියෙන් වාර්තා වෙයි. 13 February 2022
ධීවර බෝට්ටු මුහුදේ පා කර කළ විරෝධතාව මාරවිල උතුරු මුදුකටුව ධිවරයන් පිරිසක් තොටුපලක් ඉල්ලා තම ධිවර යාත්‍රා මුහුදේ පා කරමින් විරෝධතාවක 13 නිරත වූහ. 13 February 2022
‘‘මනුෂ්‍ය සම්පතට හොඳ අනාගතයක් උදාකරන්න‘‘ රටේ තිබෙන එකම ජාතික සම්පත මිනිස් සම්පත වන හෙයින් එම සම්පතට හොඳ අනාගතයක් හැදීම ආණ්ඩුවේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 February 2022
‘‘යුද්දය අවසන් වුවත් සංහිඳියා ගමන වේගවත් නෑ‘‘ ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් අදටත්, ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන හෝ අන්තර්ජාතිකව අපේක්ෂිත සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාවේ සෝල් නුවරදී පැවසීය. 13 February 2022
නව ත්‍රස්ත පනත මැතිසබයේ න්‍යාය පුස්තකයට ත්‍රස්තවාදය වැළැක්වීමේ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත. 13 February 2022
‘‘ආප්ප සුද්දාගේ ගෝලයෝ අටක් ගංජා එක් මාට්ටු“ අක්කර හතරකට වඩා විශාල භූමියක පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා දිවයිනේ ප්‍රධානම ජාවාරම්කරුවකු බව කියන ‘‘තනමල්විල ආප්ප සුද්දාගේ‘ ගෝලයින් අට දෙනකු ගංජා කිලෝ 307 ක් , ෂොට්ගන් 2 ක් සහ බදින තුවක්කුවක් සමග ගෝනගංආරේදී අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි . 13 February 2022
රඹුක්කන කොටවෙහෙරේ කරඬු අටක් සොරා ගනි රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු අටක් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි රඹුක්කන පොලිසිය සඳහන් කරයි. 13 February 2022
දුෂ්මන්ත චමීර කෝටි 5 කට අළෙවි වෙයි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 200 හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5 කට අධික මුදලකට අළෙවි තිබේ. 13 February 2022
රුසියා මුහුදු සීමාවට ආ ඇමෙරිකා සබ්මැරීනය පසුපස ලුහුබැඳලා රුසියා මුුහුදු සීමාමට ඇතුළු වූ බව කියන ඇමෙරිකා සබ්මැරීනයක් රුසියානු සබ්මැරීන් නාශක යුද නෞකාවක් එය ලුහුබැඳගොස් රුසියා මුහුදු සීමාවෙන් පළවා හැරි බව වි මොස්කව් නුවර ප්‍රකාශ කරයි. 13 February 2022
ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි. 13 February 2022
තරුණ මන්ත්‍රී ගිය ඩී.ජේ. පාටියෙන් මත් පෙති සමග හතක් අල්ලයි අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති ඩී.ජේ. පාටියකට එක්ව සිටි හත් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි. 13 February 2022
උකුස්සකු සමග අයකු මාට්ටු පුත්තලම පාලවිය 2 කණුව ප්‍රදේශයේ නිවස ඇති කළ දුර්ලභ ගණයේ සුදු පාට උකුස්කු සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය කියයි. 13 February 2022
පානදුර වෙඩි තැබීමේ සිද්ධියට තව දෙකක් අල්ලයි පානදුර දී ගිලන් රථ රියැදුරුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 13 February 2022
සමෘද්ධිය සියයට 28කින් ඉහළට දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල සියයට 28 ක සමෘද්ධි දීමනාව හෙට(14) දින සිටලබා දීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය. 13 February 2022
බිනුර ප්‍රනාන්දු ‘කොවිඩ්’ ආසාදිත වෙයි ඕස්ටේ්රලියාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 February 2022
හොරණ - කොළඹ මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා එම ස්ථානයෙන් වාහන ධාවනය සීමාකර තිබේ. 13 February 2022
‘‘පොරොන්දු ඉටු කරන්න අභියෝග වැදගත් නෑ‘‘ ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 13 February 2022
පළාත් රැසකට අද තද වැසි උතුරු උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 February 2022
විදෙස් ණය ගැන හර්ෂගෙන් අනාවරණයක් ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 13 February 2022
කෝවිඩ් ආසාදිතයන් අදත් 1000 පනී කොවිඩ් ආසාදිතයින් තව 1,162 ක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 February 2022
මාස 3 ක් විදුලිය කප්පාදු කරන්න අවසර ඉල්ලයි ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 12 February 2022
විදුලි බලාගාර දෙකක් අක්‍රීය වෙයි මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය සහ මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන සොජිට්ස් බලාගාරය තාක්ෂණික දෝෂ හේතුවෙන් අක්‍රිය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිළධාරියෙකු පැවසීය. 12 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026