හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වෙයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 12 February 2022
කොරෝනා මරණ 23ක් අද වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 February 2022
බඩල්ගම මලීෂගේ මරණයට හේතුව කොරෝනා කටාන ආඬිමුල්ලේ 10 හැවිරිදි මලීෂ දුලක්ෂණගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. 12 February 2022
වනිඳුගේ ලංසුව අතරතුර වෙන්දේසිකරුවෙකු ඇද වැටෙයි ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී, වෙන්දේසිකරුවෙක් වූ හියු ඇඩ්මේඩස් (Hugh Edmeades) රෝගාතුරව බිම ඇද වැටී තිබේ. 12 February 2022
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකු ඇතුළු 12කට තුවාල යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 12 February 2022
කළුගල් වැඩබිම් රැසක පුපුරණද්‍රව්‍ය අතුරුදන් රට පුරා කළු ගල් වැඩ බිම් රැසකට ගෙනවිත් තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් පසුගිය කාලයේදී වරින්වර අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. 12 February 2022
ඉන්ධන මිල වැඩි කරන්න අවසර නෑ ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. 12 February 2022
අධිභාර පනතට කොමියුනිස්ට් පක්ෂයත් විරුද්ධයි අධිභාර බදු පනත් කෙටුම්පත මඟින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කොමියුනිස්ට් පක්ෂයද විරෝධය පළ කර ඇත. 12 February 2022
වාසුගෙන් තවත් මැසිවිල්ලක් වාහනවලට ඉන්ධන ලබා දීමේදී කූපන් ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි ඉල්ලීම් කළද ඉහළ පෙළැන්තියේ බලපෑම නිසා එය ක්‍රියාත්මක නොවූ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 12 February 2022
කොම්පැණිවල වගා නොකරන ඉඩම් රජයට ඇතැම් සමාගම් සතුව පවතින වගා නොකරන ලද ඉඩම් පවරාගෙන ඒවා යළි වගා කටයුතු සඳහා ලබාදෙන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය. 12 February 2022
රජයේ දේපළ බූදලයක් කරගත් මැති ඇමැති ඥාතීන් ගැන සොයන්න බුද්ධිමෙහෙයුම් මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට තහවුරු වුවහොත් අදාල අමාත්‍යවරයාගේ ඇමැතිධූරය ඒ මොහොතේම ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇත. 12 February 2022
විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 12 February 2022
විදුලි රැහැනක පැටලී විදුලි සේවකයා මරුට පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ බටලන්ද සිංහපුර දී වල් ඌරන් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහනක හසුවී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලීසිය පවසයි. 12 February 2022
ගොවීන්ගේ සහයට යුදහමුදාව කුඹුරට ඉදිරි යල කන්නයේදී ( මාර්තු- සැප්තැම්බර් ) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 12 February 2022
පළාත් කිහිපයකට තරමක තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 February 2022
පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට කේවල සහ සමානුපාතික නියෝජන ක්රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත. 11 February 2022
සතොස සභාපතිගේ සේවය අත්හිටුවයි මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 11 February 2022
කොවිඩ් ආසාදිතයන් 1259 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1259 දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 February 2022
සහරාන්ගේ මස්සිනාත් රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ඝාතකයන් සමඟ ‘ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා’ දිවුරුම් දුන් “සාරා ජෙස්මින්’ නැමැත්තිය ඇතුළු කාන්තාවන් 16 දෙනකුට රැකවරණය සහ ආධාර අනුබල දෙමින් අයි එස් මතවාදයන්ට අදාළ දේශනවලට සහභාගී වී අවි පුහුණුව ලැබූ බව කියන මොහොමඩ් සහ්රාන්ගේ මස්සිනා, නිතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (11) නියෝග කළේය. 11 February 2022
කොවිඩ් මරණ තවත් 31 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 February 2022
ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් බද්දට ශ්‍රී.ල.නි.පයත් විරුද්ධයි සේවක අර්ථසාධක අරමුදලෙන් (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (ඊ.ටී.එෆ්) සියයට 25 අධිභාර බද්දක් අයකිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 11 February 2022
බඩල්ගම දරුවාගේ මව රිමාන්ඩ් බඩල්ගම ආඬිමුල්ලේ 10 හැවිරිදි රෝගි දරුවට නිසි ප්‍රතිකාර නොකර මිය යන තෙක් යාඥා කළ බව කියන මව ලබන 18 දෙක් රිමාන්ඩ් බාරයේ තැබීමටත් පියා සහ මිත්තනිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටි.එන්.එල් මහවත්ත මහත්මිය නියෝග කළාය. 11 February 2022
බස් දෙකක් ගැටී අයෙක් මරුට : 15 රෝහලට දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේදි වැවුරුකන්නල දුම්රිය ස්ථනය ආසන්නයේ මැල්පුර වංගුවේදී පුද්ගලික මගී ප්‍රවාහන බස් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් බස් රථයක රියදුරු මරුමුවට පත්ව අනෙක් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 15 ක් පමණ තුවාල ලබා රෝහල්වලට ඇතුලත් කළ බවත් දික්වැල්ල පොලිසිය පවසයි . 11 February 2022
ශෂී වීරවංශගේ නඩුවල තීන්දුව මාර්තුවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (11) දින නියම කළේය. 11 February 2022
කුඩු චෝදනාවට මාලේ ජාතිකයා දිවි ඇති තෙක් සිරගෙට කුඩු ග්‍රෑම් 256ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා ලැබ සිටි මාලදිවයින් ජාතිකයන් දෙදෙනකුගෙන් එක් අයකුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අනෙක් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය. 11 February 2022
‘කෝප්’ කමිටුවේ නිර්දේශ නඩු බවට පත්කරනවා' ‘කෝප්’ කමිටුවේ නිර්දේශ ඉතාම නිවරදිව ඉතා ඉක්මණින් නඩු ක්‍රියාමර්ගවලට ගොස් නීතියම ක්රියාවේ යෙදවීමේ බලය ජනාධිපතිවරයාට ඇති බවත් වර්තමාන රජය ඒ සඳහා දැඩි උනන්දුවක් සහ අවධානයක් යොමුකර ඇති බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (11) පැවසීය. 11 February 2022
‘‘මදුරු මර්දන සහායකයන් ස්ථීරකරන්න සුදුසුකම් නෑ‘‘ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවය කරන මදුරු මර්දන සහායකයන් පිරිසකට ස්ථීර කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 11 February 2022
බෙදන්න තිබු ලිපි වෙරළට විසි කරලා පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් පිංවත්ත මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී. 11 February 2022
නාමල් මංගල ගැන කතා කරයි තමා දේශපාලනයට ගෙන එන්නැයි පියාට මුල්ම යෝජනා කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 February 2022
ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවට ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ශ්‍රී ලංකාවට අද පැමිණයහ. 11 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026