මැතිසබයේ මාලු හොද්ද රස පරීක්ෂකට යවයි ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ මාළු හොද්දේ මාළු කෑලි කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි වාර්තා වේ. 24 September 2022
ණය නොගෙව්වාට ලංකාවට දැමූ නඩුව ඉවත දමන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයි ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 24 September 2022
ජනතාව බදු බරේ ගිලුණු හැටි වාර්තාවකින් එළියට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 42 කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත. 24 September 2022
වවුලන්ගෙන් බෝ වන වයිරසයක් වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවති. 24 September 2022
සාදයකට ආරාධනා කර පහරදී මරලා සාදයකට ආරාධනා කර බොරුපන පාලම අසලදී අඹුසැමි යුවළකට තියුණු ආයුධවලින් පහර දීමෙන් කාන්තාව මියගොස් සැමියා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව බොරලැස්ගමුව පොලීසිය කියයි. 24 September 2022
කවුරු ජනපති වුණත් විදුලිබිල අඩු කරන්න බෑ කවුරුත් ජනාධිපති පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ 24 September 2022
පී.සීට බිම දාගෙන පහර දෙයි මිහින්තලේ කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන් වරයකුට යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන බරපතල ලෙස පහර දි ඇතැයි පොලිසිය කියයි. 24 September 2022
බ්‍රිතාන්‍යයෙන් ලාංකිකයින්ට ආහාර-ගොවිතැන් සහාය ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 24 September 2022
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. 24 September 2022
දුඹුරු සීනි, ටින් මාළු ටොන් ගාණක් පරික්ෂා නොකර වෙළෙඳපොළට යවලා ඇමෙරිකානු ඩොලර් විසි තුන් ලක්ෂයක් වටිනා දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 6323 ක් පසුගිය කාලයේදී නියැදි පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 24 September 2022
අද කාලගුණයේ වෙනස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 September 2022
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට තවත් අයකුට තුවාල අහුන්ගල්ල බෝගහපිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 24 September 2022
ටොෆි බෝල කෑ සිසු සිසුවියෝ හතක් රෝහලේ ටොෆි වර්ගයක් ආහාරයට ගැනිමෙන් අසනිපවු බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ළමුන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කළ බව පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිනි පමිලා නිශාන්ති මහත්මිය පැවැසුවාය. 24 September 2022
ග්‍රෑන්ඩ්පාස් ගබඩාවෙන් සහල්, මිරිස් සොරාගත් 3ක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් මජීඩ් පෙදෙසේ පිහිටි ගබඩාවක් කඩා රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා සහල් සහ වියලි මිරිස් තොගයක් සොරාගත් සැකකරුවන් තිදෙනකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 23 September 2022
මහ බැංකුව විදේශ ආයෝජකයන් දැනුවත් කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට පැවසූ බව චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය වාර්තා කළේය. 23 September 2022
විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානා හිමිවරුන්ට ලිපියක් පසුගිය වසර කිහිපයේ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය පැන නැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ ජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමයෙන් විසඳීම තමා ප්රමුඛ රජයේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි. 23 September 2022
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. 23 September 2022
කොළඹ ප්‍රදේශ රැසක් අධි ආරක්ෂිත කලාපයක් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්ෂිත කලාප බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 23 September 2022
වාළුකාරාම ඇසළ පෙරහර මංගල්‍ය ජනපති සහභාගීත්වයෙන් ඇරැඹෙි කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (23)පස්වරුවේ පැවැත්විණි. 23 September 2022
ආනයනය තහනමෙන් රූපලාවන්‍ය ක්ෂේත්රය කොට උඩ රජය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනය තහනම් කිරීම හේතුවෙන් 50,000 ක් පමණ වන රූපවන්යාගාරවලින් සියයට 90 ක් වැසී යෑමේ සහ ඒවායේ රැකියාව කරන ලක්ෂ 4 කට අධික පිරිසෙන් සියයට 80 ක පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපෝන්සු මහත්මිය පැවසුවාය. 23 September 2022
චීන ඖෂධ ආධාර තොගය මෙරටට චීන ජාත්‍යන්තර සංවර් ධන සහයෝගිතා ඒජන්සිය ශ්‍රී ලංකාවට ලබා දුන් චීන යුවාන් මිලියන 500ක හදිසි මානුෂීය සහාය යටතේ යුවාන් මිලියන 12.5 ක් වටිනා ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද (23) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 23 September 2022
උල්හිටිය ජාලශයෙන් අත්බෝම්බ 4ක් සොයා ගැනේ ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයට දමා තිබු ජීව අත්බෝම්බ 4ක් අද (23) දහවල් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රිය කළ බව පොලිසිය කියයි. 23 September 2022
පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට වැටුප් ගෙවන ලෙසට නියම කළ අධිකරණ නියෝගය කඩ කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර් මස 16 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පස් දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝගයක් නිකුත් කළේය. 23 September 2022
ජපානයේ සහාය ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 23 September 2022
නීතිඥ එකමුතුව විරෝධතාවක යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට විධායකය අත නොතබන ලෙසත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරන ලෙසත් රජයට බලකරමින් නීතිඥ එකමුතුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (23) පැවැත්විය. 23 September 2022
පනත් කෙටුම්පත් එකොළහකට අනුමැතිය දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය අද (23) හිමිවිය. 23 September 2022
විජේදාස රාජපක්ෂ ආචාරධර්ම කමිටුවේ සභාපති පුටුවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන් ඒකමතිකව තේරී පත්විය. 23 September 2022
කෝටි 5ක කේරළ ගංජා නොරොච්චෝලෙන් අල්ලයි රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ සැකකරුවන් දෙදෙනකු නොරොච්චෝල ඉලංතඩිය ප්‍රදේශයේ අද (23) අළුයම් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 23 September 2022
ඇමෙරිකාව ලංකාව ගැන සංචාරක උපදේශනය අලුත් කරයි ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩි ලෙස අවධානයෙන් පසුවන ලෙස සිය රටවැසියන්ට උපදෙස් දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඊයේ (22) යාවත්කාලීන කළේය. 23 September 2022
ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක් පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී නියත වශයෙන්ම සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026