‘‘ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ‘‘ ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(25) පැවසීය. 25 September 2022
පැහැරගත් ඉන්ධන බවුසරය බේරාගන්න හන්තානේ මහ යුද්ධයක් මහනුවර හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකතන සමාගමක සම්ප්රේ තාක්ෂණ කුළුණක අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් ගිය ඉන්ධන බවුසරයක් අද අලුයම මග හරස් කර නවතා රියදුරු සහ සහයකට පහර දී එම බවුසර් රථය පැහැරගෙන ගැනීමට තැත්කළ කොල්ලකරුවන් දෙදෙනකු මහත් වෙහෙසක් දරා මහනුවර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 September 2022
සින්ඩි මැකේන් දිවයිනට රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා ඊයේ (25) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය. 25 September 2022
රට විරුවන්ට විශ්‍රාම වැටුපක් විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 25 September 2022
ජනපතිට පිලිපීනයෙන් ලැබුණු ආරාධනය ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ. 25 September 2022
එරෝෆ්ලෝට් ලබන 9 වැනි දා සිට යළි වැඩ රුසියානු රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිථලයක් ලෙස එරෝෆ්ලෝට් ගුවන්සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යලිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇත. 25 September 2022
ජනපති හෙට ජපන් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය. 25 September 2022
විරෝධතාකරුවන් ඇල්ලුවාට පොලිස්පතිගෙන් කරුණු විමසයි සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹ දී ඊයේ සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම් ආරංචි මාර්ග පවසයි. 25 September 2022
වැඩි මිලට අරන් අඩුමිලට විකුණා සතොසට කෝටි 600 පාඩු වෙලා ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ . 25 September 2022
උසස් පෙළ වරම් ලබන සිසු සිසුවියන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 25 September 2022
අලුත උපන් දරුවා වැව් පිටියේ දමා ගිහින් අළුත උපන් ළදරුවකු බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටියදී කාන්තාවකට අද (25) උදෑසන හමුවී ඇති බව වාරියපොල පොලිසිය කියයි. 25 September 2022
කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 25 September 2022
‘යුනිසෙෆ්’ නියෝජිතයා රටින් පිටුවහල් කරන ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. 25 September 2022
මැතිසබයේ බත්පතේ මිලත් ඉහළට පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත. 25 September 2022
යාපනයේ සිසුවෙක්ගෙන් උපන්දිනයට මත්පැන් සාදයක් මිතුරාගේ උපන්දිනයට මත්පැන් පානය කරමින් සිටි යාපනය ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් සිව්දෙනකු යාපනය, බ්‍රවුන් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 25 September 2022
මැතිසබේ බත්පතේ ගෝනි නූල ගැන පරීක්ෂණයක් මාධ්‍යවේදීන්ට සැපයූ දිවා ආහාර වේලේ හාල්මැස්සන් බැඳුමක තිබී අඩියක් පමණ දිගැති ගෝනි නූල් කැබැල්ලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භවී ඇත. 25 September 2022
ගන්නෝරුවෙන් සහල්පිටි වෙළෙඳ පොළට ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන ඇරඹීම අද ඇරැඹිණි. 25 September 2022
’’තව්තිසාවේ’’ ඇත්ත තතු පාඨලී හෙලි කරයි නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 25 September 2022
සූර්ය ශක්තියෙන් යන මගී බෝට්ටු සේවයක් ඇරැඹෙයි කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් අරඹා තිබෙි. 25 September 2022
ඇමති පුටු නැතිව පිරිසක් කනස්සල්ලෙන් කැබිනට් ඇමතිධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 25 September 2022
වී ගන්න වැඩ පිළිවෙළක් හදන්න ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත. 25 September 2022
මාර්තුවෙන් පසු මහ මැතිවරණයක්? ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඇතැයි දේශපාලන අංශවල මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබේ. 25 September 2022
චීන ජනපති නිවාස අඩස්සියට? කතාව ඇත්තද? චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. 25 September 2022
ගම්පොළ මත් සාදයේ බාලවයස් කරුවන් 15ක් ගම්පොළ නගරයේ සංවිධාන කෙරුණු මහා පරිමාණ ෆේස්බුක් සාදයක් පෙරේදා(24) සවස වැටලූ මධ්‍යම පළාතේ සුරාබදු නිලධාරීහු කණ්ඩායමක් විවිධ මත්ද්‍රව්‍ය ලබාගෙන මත්වී හතර අතේ වැටී සිටි තරුණ තරුණයන් 300 කට ආසන්න පිරිසක් සොයා ගත්හ. 25 September 2022
මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ මතය අනුව අපි සිටින තැන ලෝකයේ දුර්වල මුදල් ඒකක සහිත රටවල ආහාර උද්ධමන අර්බුදයක් ඇති වී ඇතැයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පැවසුවේය. 24 September 2022
රාවණා ඇල්ලට ගිනි තිබූ සිසුන් 16ක් මාට්ටු ඇල්ල රාවනා ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ බවට සැකපිට පාසල් සිසුන් 16 දෙනෙකු අද 24 සවස අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. 24 September 2022
පොල් නියම ආහාරක් රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.- 24 September 2022
මන්දපෝෂණය වැඩි විය හැකියි ඉදිරි කාළයේදී රටතුල මන්දපෝෂණ තත්වයේ සැළකිය යුතු වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුතගේ මහතා පැවසීය. 24 September 2022
පාසල් සිසුවා උපන් දිනය දා මරුවා සමග යයි අද දි උපන්දිනය සමරන පාසල් සිසුවකු මුහුදේ ගිලී අතුරුදන් ඇතැයි පයාගල පොලිසිය පවසයි. 24 September 2022
සංස්කෘතික අරමුදලේ කෝටි 106ක් වතුරේ යවලා මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3000 කට ආසන්න පිරිසක් 2018 සහ 2019 වර්ෂවලදී බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 24 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026