රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි. 27 September 2022
ජාතික සභාව පළමු වරට 29 වැනිදා රැස්වෙයි ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වනදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 27 September 2022
පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000 පෑලියගොඩින් අල්ලයි පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි 27 September 2022
හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 27 September 2022
අද පැය 3 ක් විදුලිය කපයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 27 September 2022
පානදුර - ගම්පොළ සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපාකාර ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 September 2022
ලාංකිකයන්ට ජපන් රැකියා දොර ඇරෙයි ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා 2023 වර්ෂයේ ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 27 September 2022
පැවති රජය සමයේ බිඳ වැටුණු ජපන් සබඳතා ගැන ජනපති කනගාටුව පළකරයි පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ විදේශ අමාත්‍යවරයා හමුවේ පැවසීය. 27 September 2022
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 27 September 2022
පෘථිවිය බේරා ගැනීමේ නාසා මෙහෙයුම සාර්ථකයි අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට පැමිණෙන ග්රහකයක ගමන් මඟ වෙනස් කර, පෘථිවිය බේරා ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය පුහුණු මෙහෙයුමක් අත්හදා බැලූ අතර එම මෙහෙයුම සාර්ථක විය. 27 September 2022
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අත දෙන්න ජපායෙන් ප්‍රතිඥා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්‍රතිඥා ලබා දුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 27 September 2022
නොරොච්චෝලේ බිඳ වැටීමක්: විදුලි කප්පාදුව තවත් ඉහළ යයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා ඇති බවත් ඒ නිසා දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය. 27 September 2022
ජනපති විදෙස් සාකච්ඡා අරඹයි ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි. 27 September 2022
තඔුත්තේගම ලක්ෂ 223 කොල්ලයට ප්‍රා.මන්ත්‍රී මාට්ටු තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 223 මුදල් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශිය සභාවේ පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 September 2022
ප්රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාල විශේෂ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 27 September 2022
අපරාදයකට පැමිණි බවට සැක දෙකක් මාට්ටු මන්නයක් සහ කඩුවක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 September 2022
රටේ පැත්තකට තද වැසි මධ්‍යම,ඌව, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත්, තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 September 2022
ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් රැසක් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමි වී ඇත. 27 September 2022
හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක් හලාවත ප්‍රධාන පාසලක සිසුවියක් ඇගේ පන්තියේ සිසුවකුගේ උපන් දිනය සමරන්නට නිවසින් සොරා ගෙන ආ රුපියල් 20000 ක් යොදා ගනිමින් උපන් දින පාටියක් දමා ඇති බව වාර්තා වෙයි. 26 September 2022
රටපුරා බේකරි 2000ක් වැහිලා පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවැසීය. 26 September 2022
පසුගිය වසරේ ඉතිරි ගල්අඟුරු ඇනවුම් කරයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 September 2022
යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී ඔක්තෝම්බර් මස 10 ට දිනට යෙදන යුද හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වතාවත් වලට සමගාමීව ස්ලාමීය ආගමික වතාවත් අද (26) කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී පැවැත්විණි. 26 September 2022
පාසල් සිසුවියක පැහැර ගැනීමේ තැත වරදි පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියකගේ ගෙලේ තිබූ ටයිපටියෙන් අත්දෙක ගැට ගසා පැහැරගෙන යාම තැත් කරද්දී අසල වත්තක වැඩ කරමින් සිටි කාන්තාවක පැන එම දැරිය බේරාගෙන ඇතැයි රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 26 September 2022
කුඩු විකුණා ඉපැයූ දේපොළ රාජ සන්තක කරයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල්වලින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඉදිකරන ලද රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් පරිහරණය තහනමට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 26 September 2022
බස් බස් අනතුරුනි 25ක් රෝහලට ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 26 September 2022
ධනීෂ්ගේ දුරකතන ත්‍රස්ත විමර්ශනයට බාරදෙන්න ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුල් වී සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරිනු ලැබ සිටින ධනීෂ් අලී නමැත්තාගේ දුරකතන හා ටැබ් උපකරණය විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා සැකකරුට අද (26) නියෝග කළේය. 26 September 2022
චීනයෙන් ජංගම විද්‍යාගාර 8ක පරිත්‍යාගයක් චීනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 660ක් වටිනා නවීනතම නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ වාහන (ජංගම විද්‍යාගාර) 8 ක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 26 September 2022
පොලිස් සැරයන් නිසා ලක්ෂ 223 කොල්ලය වරදී තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පෞද්ගලික බැංකුව තැන්පත් කිරීමට ගෙනා රුපියල් ලක්ෂ 223කට අධික මුදලක් කොල්ලකා පලා යද්දී තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු කොල්ලකරුවන්ට පහරදී මුදල් සහ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 26 September 2022
අයෝමාට තර්ජනය කළ කරණවෑමියාට ඇප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 26 September 2022
රුසියාවේ පාසල වෙඩි තැබීමකින් 13 මරුට රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු පවසති. 26 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026