ලයිට් කැපිල්ල තවත් වැඩිවෙයි විදුලි කප්පාදුව පැය දෙකයි මිනිත්තු 20 ක් දක්වා ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 September 2022
කන්න නැති අයට කන්න දෙන්න ජනපති කාර් යාලයෙන් අලුත් වැඩක් පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙි. 22 September 2022
‘‘කැලණියේ දරුවන්ගෙන් සියයට 25ක් පාසල් එන්නේ නෑ‘‘ කැලණිය ප්‍රදේශයේ පාසල් දරුවන්ගෙන් හතරෙන් එකක් දෛනිකව පාසල් එන්නේ නෑ. ප්‍රධානම ගැටළුව ආහර ප්රශ්නය. ඇතැම් දරුවන් උදේ කෑම නැතිනම් එදාට පාසල් එන්නේ නෑ. මේ නිසා පාසල් දරුවන්ගේ පැමිණීම සලකා බලනවිට දරුවන්ගේ පැමිණීම ගැන සතුටු වෙන්න බෑ යැයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සජිවි ලියනගේ මහත්මිය පැවැසුවාය. 22 September 2022
පක්ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා උඩීන් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) පැවසීය. 22 September 2022
රුපියල ලොව බාල්දුම 3වෙනි මුදල් ඒකකය වෙයි එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත. 22 September 2022
පිරමිඩ ක්‍රමයට මුදල් වංචා කළ හත් දෙනාගේ විදෙස් ගමන් තහනම් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් හත් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඔවුන්ගේ බැංකු ගිණුම් පහක් අත්හිටුවීමට ද අද (22) නියෝග කළේය. 22 September 2022
ලොකු ලූනු ආනයනය අත්හිටුවන්න දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළද පොලට වැඩි වශයෙන් ලැබෙමින් පවතින බැවින් ලොකු ලූනු ආනයනය අත්හිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 22 September 2022
ඛනිජ තෙල් පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය. 22 September 2022
උද්දික බන්දුලට දෙහි කපයි ‘ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය. 22 September 2022
දුම්රිය සේවකයින් 7000 කගේ හිගයක් දුම්රිය සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය. 22 September 2022
ෆොන්සේකා යළිත් අරගලයට කතා කරයි ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 September 2022
‘‘විදුලි බිලේ ගැටළුවට රජය පිළිතුරු දිය යුතුයි‘‘ ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමුකරවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි. 22 September 2022
’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’ ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 September 2022
යාපා පටුන සහලින් පුරවන්න යයි යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 September 2022
ඩුබායි ගෘහ සේවයට ගිය කතුන් 80ක් කඳවුරක සිරකරලා? ඩුබායිහි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ ලාංකික කතුන් අසූ පස් දෙනකු කාමරයක දමා සිර කරගෙන සිටින බව එම කාමරයේ අනෙක විධ දුක් කම්කටලු මැද දියවියනට පැමිණි කාන්තාවක හෙළි කළාය. 22 September 2022
ප්‍රධානීන් තිදෙනෙකු පත් කිරීමට උසස් නිලතල සභාවේ අනුමැතිය අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු තානාපතිවරයකු සහ ආයතන සභාපතිවරුන් තිදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 22 September 2022
ත්‍රීපෝෂ සමාගම බඩඉරිඟු කන්ටේනර් 13ක් හරවා යවයි ත්‍රීපෝෂ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වෙත ආනයනකරුවන්ගෙන් ලැබුණු කන්ටේනර් 13 ක බඩඉරිඟුවල ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති රසායනිකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු වීම නිසා එම කන්ටේනර් නැවත හරවා යැවූ බව ලංකා ත්‍රීපෝෂ සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට අද (22) පැවසීය. 22 September 2022
පොඩි ලැසීට චෝදනා බාර දෙයි වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩිලැසි ඇතුලු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාල අධි චෝදනා දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය හමුවේ බාරදෙනු ලැබිය. 22 September 2022
චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 සිට යළි විවෘතයි වසර තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය, පැරණි සංඝාවාසය සහ බුද්ධ වන්දනා මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අනිද්දා (24) නැවත විවෘත කෙරේ. 22 September 2022
දරුවන්ගේ කුස ගින්න මැතිසබේ පත්තු වේ අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය. 22 September 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන සතුන් ගැන ප්‍රසන්න කියයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන අයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කීවේ ඔලු තුනේ බූරුවන් කියා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 September 2022
කතා කරන්න නොදෙන බව කියමින් ජී.එල් ජාත්‍යන්තරයට යයි ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තු කතා කාලය ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කළ බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 September 2022
ණය ගැන හෙට සාකච්ඡාවේ රජය ලොකු බලා පොරොන්තුවක් ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලදී තම ණය හිමියන් අතර සමානාත්මතාවය සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.එන්.එන් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය. 22 September 2022
අයි.එම්.එෆ් එකඟතා ගැන ජනපති කතානායකට කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා රජය එළැඹි එකඟත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව අධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසී යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 22 September 2022
රිදියගම සෆාරියේ දෙවැනි කොටස 4වෙනිදා සිට ඇරෙයි රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස ලබන මස 4 දින සිට ජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 22 September 2022
ඕස්ට්‍රේලියා ආහාර තොගයේ පළමු කොටස බාර දෙයි ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ (21) ලෝක ආහාර වැඩසටහනට නිල වශයෙන් භාර දුන්නේය. 22 September 2022
‘සිපෙට්කෝ’ ඉන්ධනහල් රැසක් පෞද්ගලික අංශයට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබන නොවැම්බර් මසයේ පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 September 2022
අනියම් පෙමට බැහැ කියූ දෙදරු මව මරලා අනියම් ප්‍රේම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන දෙදරු මවක් වූ තිස් හත් හැවිරිදි ඇගළුම් සේවිකාවක් පිහියකින් ඇණ ඝාතනය කොට පයිනස් වත්තක සැගවී සිටි ඝාතකයෙකු අද (22) පාන්දර අත් අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පැවසීය. 22 September 2022
’’ආදර ගඟ ගලන දෑස’’ දැයෙන් සමු ගනී මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. 22 September 2022
තැනින් තැනට පොඩි පොඩි වැස්ස බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 22 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026